ලොස් ඇන්ජලීස් නගරයේ විදියක ජස්ටින් බීබර්ගේ සුදු ෆෙරාරි රථයේ ඡයාරූප ගනිමින් සිටි පැපරාසියෙක් අනතුරකට ලක්වී මියගොස් ඇත.
අඟහරුවාදා සවස අනතුරෙන් පසු රෝහලට ඇතුලත් කල නම සඳහන් නොවූ පැපරාසි ඡයාරූප කරු සුලූ වේලාවකින් මිය ගිය බව ලොස් ඇන්ජලීස් පෙලිස් නිලධාරී ජේම්ස් ස්ටෆ්ටන් පවසා ඇත.
එසේම ඒ අවස්ථාවේ බීබර් රථයේ සිට නැති බවද ඔහු සඳහන් කර ඇත. ගෙටි සෙන්ටර් ඩ‍්‍රයිව් ආසන්නයේ පිහිටි සෙපුල්වෙඩා බුලෙවාර්ඩ් මාර්ගයේ මෙම ස්පෝට් වර්ගයේ රථය නවතා තිබියදී පාර හරහා ඡයාරූප ගනිමින් පැමිනි පැපරාසියා රථයක හැපී ඇත.
ස්ටෆ්ටන් පැවසුවේ මෝටර් රථ රියදුරාට දඬුවම් නියම නොවනු ඇති බවයි.
මේ සිද්ධිය පිලිබඳව අදහස් පල කරමින් බීබර් කියා ඇත්තේ පැපරාසියා පිලිබඳව තමා කණගාටුවට පත් වන බවයි.

No comments:
Post a Comment