පෘථිවියට සමාන ග‍්‍රහලෝක බිලියන 17 ක් මන්දාකිණියට ඇතුලත් බව නාසා ආයතනය පවසයි. සෑම තාරකා හයකින් එකක්ම පෘථිවියට සමාන මට්ටමේ පවතින බවත් මේ වනවිට නව ග‍්‍රහලෝක 461 ක් හඳුනාගැනීමට කෙප්ලර් දුරේක්ෂයට හැකියාවලැබී ඇති බවත් ඔවුන් කියා සිටී.
කෙසේ වෙතත් එමගින් සිදුකෙරෙන පරික්ෂණ ප‍්‍රමාණවත් නැතැයි කැලිෆෝනියාවේ පැවති ඇමරිකා තාරකා විද්‍යාඥයන්ගේ 221 වෙනි සමුළුවේදී භෙළිදරව් කර තිබේ.
කෙප්ලර් දුරේක්ෂය 2009 වසරේ සිට නිරික්ෂණ කටයුතු සිදුකර ඉන් ලබාගන්නා තොරතුරු මත අභ්‍යවකාශ දත්ත ඒකරාශි කරයි.
තාරකා විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙතෙක් ලැබී ඇති ග‍්‍රහලෝක ලැයිස්තුව අසම්පුර්ණ බවයි. මෙතෙක් සිදුකළ පර්යේෂණවලදී හිරුට සමාන ග‍්‍රහලෝක ද හමුවී ඇතැයි තාරකා විද්‍යාඥයෝ ප‍්‍රකාශ කරති.

No comments:
Post a Comment