Pages

1/9/13

මව් පදවිය ලබන විටදීත් විවාහ නොවූ ශකිරා..

ස්පාඤ්ඤයේ මෝඩයාගේ දිනයේ ලැබූ ශකිරාගේ කුළුඳුල් පුතා...

ජනපි‍්‍රය ගායිකා, ශකිරා පසුගිය සතියේ මව් පදවිය ලැබු බවයි හොලිවුඩ් මාධ්‍යයන් වාර්තා කර තිබුණේ. ඇයට කුළුඳුලේ ලැබුණේ පුතෙක්ලු.

ශකිරා පෙමින් බැඳී සිටින්නේ ස්පාඤ්ඤ ජාතික පාපන්දු ක්‍රීඩකයකු වන ජෙරාඩ් පික් සමඟයි. නමුත් ශකිරා මව් පදවිය ලබන විටදීත් දෙදෙනා නිත්‍යනුකූලව විවාහ වී සිටියේ නැහැ.
“අපේ පුතා අපට ලැබුණා. අපි දෙන්නට පුදුම සතුටක් දැනෙනවා. අපිට සුබ පැතූ හැමටම ස්තුතියි.” ජෙරාඩ් ස්පාඤ්ඤ භාෂාවෙන් ප්‍රකාශ කළා. සමහරු පැවසුවේ මේ ආරංචිය
බොරුවක් විය හැකි බවයි. ස්පාඤ්ඤයේ මෝඩයාගේ දිනය ලෙස සැලකෙන දිනයකදී මේ ආරංචිය පැතිරී යාම ඊට හේතුවයි.

කොහොම වෙතත් මීට කලින් ප්‍රකාශ වී තිබුණේ ශකිරා ලබන මස මුලදී මව් පදවිය ලබන්නට සූදානම්ව සිටින බවයි. ජෙරාඩ් සහ ශකිරා බලාපොරොත්තුවෙන් සිටියේ ද පුතෙක්.

No comments:

Post a Comment