Pages

1/7/13

යුදෙවු සමූහ සොහොන් බිමක හිට්ලර්ගේ පිළිරුවක්

පෝලන්ත ජාතික රබ්බි යුදෙවු වරුන් දස දහස් ගණනක් ඝාතනය කල බිමක ඇති ඇඩොල්ෆ් හිට්ලර් ගේ පිලිරුවක් ගැන කෝපය පල කර ඇත .එකල වෝර්සෝ ගෙටෝ ලෙස හැඳින්වූ බිමෙහි ඇති පිලිරුව සංවේදී තාවයෙන් අඩුයයි ඔහු කියයි.
රබ්බි මයිකල් ෂුඞ්රිච් AFP වෙත කියා ඇත්තේ හිට්ලර්ගේ ක‍්‍රියා වලින් පීඩාවට පත් අය ගැන අපට මීට වඩා වගකීමක් තිබිය යුතු බවයි. HIM ලෙස නම් කර ඇති ඉතාලි කලාකරු මොරිසියෝ කැටලන් ගේ නිර්මාණයක් වන මෙහි හිට්ලර් යාඥාවට දණගසා සිටින ලමයෙකුගේ ස්වභාවයක් ගනී.

නාසින්ට බිලිවු අයට අපහාස කරන කලාවේ වැරදි භාවිතයක් ලෙස මෙය ජෙරුසෙලමේ සයිමන් විසෙන්තල් කේන්ද‍්‍රය විසින් විස්තර කර ඇත. එහි අධ්‍යක්ෂ ඊබ‍්‍රහිම් සරොෆ් වෙබ් අවඩියේ ලියා ඇත්තේ  දෙවන ලෝකයුධ ඉතිහාසය විකෘති කිරීමට හිතාමතාම මෙම පිලිරුව වෝසෝ ගෙටෝ හි ස්ථානගත කර ඇති බවයි.

මෙම පිලිරුව මෙහි ස්ථානගත කිරීම සංවේදීතාව අඩු නිසා කල එකක් බවට තමාට ගැටළුවක් ඇතැයි රබ්බි කියා සිටියි. මතවාදයට ලක්වූ පිලිරුවේ පසුපස පමණක් ලී ගේට්ටුවක ඇති සිදුරකින් දර්ශනය වන අතර එය පවතින බව නොදත් අයගේ අවධානයට ලක් නොවේ.

වොසෝ ගෙටෝ හි 50000ක් පමණ යුදෙවුවන් වර්ග කිලෝමීටර් 4ක කොටුව තුල සිරකර සිටියහ. බොහෝ අය කුසගින්න ලෙඩරෝග හා ඝාතනය කිරීම නිසා මරණයට පත් වූහ. 1943 දී පරාජය වීමෙන් පසු අත්හැර යාමට පෙර නාසින් විසින් මේ ප‍්‍රදේශය විනාශ කරන ලදී.

No comments:

Post a Comment