විරැකියාව 25%යි, ණයකාරයන් නිවාසවලින් එළියට දමයි
ණය නොගෙවන නිවෙස් හිමියන් නෙරපීමට අධිකාරීන්ට උදවු නොකරන බවට ස්පාඤ්ඤයේ යතුරු කාර්මිකයෝ දිවුරා ඇත්තේ මේ හේතුව නිසා 2012 වසරේදී දිවි නසා ගැනීම් 100කට වඩා සිදු වූ බැවිනි.
යතුරු වෙනස් නොකලොත් නිවෙස් හිමියන්ට කැමති වේලාවක යලි නිවසට පැමිණිය හැකි අතර නෙරපීමේ ක‍්‍රියාවලිය යලි ඇරඹීමට බොහෝ විට මාස ගණනක් ගතවෙයි.
යතුරු කාර්මික ඉයන් ඩි කාලොස් පබ්ලික් රේඩියෝ ඉන්ටර්නැෂනල් වෙත කියා ඇත්තේ දිවිනසාගැනිම් වලට හේතුවන නිසා මිනිසුන් වශයෙන් තමන්ට මෙය කල නොහැකි බවයි. ණය නොගෙවීම නිසා නෙරපීමේ නිවේදනයක් ලද 53 හැවිරිදි ඇමේයියා එගානා හතරවන තට්ටුවෙන් බිමට පැන දිවි නසා ගැනීම නිසා ස්පාඤ්ඤය පුරා විරෝධතා ඇතිවිය.
මේ සිද්ධියෙන් පසු බැරකල්ඩෝ හි විනිසුරු ජුවාන් කාලෝස් මිඩියාවිලා කියා සිටියේ වර්තමාන උකස් නීතිය සංශෝධනය කිරීම අත්‍යවශ්‍ය බවයි. රැුකියා සහ සමාජ ආරක්ෂණ ඇමතිනී ෆාතිමා බානෙස් මේ ගැන රජය දැඩිව කණගාටු වන බව කියා සිටියාය. ඔක්තෝබරයේ තරුණයෙක් හා 53, 54 වයස් වල දෙදෙනෙක් එකලඟ දින 3 කදී නෙරපීමේ නියෝග නිසා දිවි නසාගත්හ. ස්පාඤ්ඤයේ විරැකියාව අද 25%ක් පමණ වන අතර තව දුරටත් වැඩිවෙමින් ඇත.
2008 දී රටේ නිවාස වෙළඳපොල බිඳ වැටීම නිසා 50000ක් පමණ නිවාස වලින් එලියට ඇද දැමුණු අතර නිවාස මිලියනයක් පමණ පදිංචිකරුවන්ට ලබාගත නොහැකිව පවතින බව රොයිටර් වාර්තා කරයි. ආර්ථික ප‍්‍රශ්න හේතුවෙන් ග‍්‍රීසිය හා ඉතාලියේද දිවිනසා ගැනීම් ඉහල ගොස් ඇති බව වාර්තා වලින් පෙනී යයි.

No comments:
Post a Comment