සියල්ලට පෙර ආරක්‍ෂාව…. පෙන්ටගනයේ සමලිංගික වෙබ් අඩවි තහනම්
සමලිංගික ද්වී ලිංගික සහ පරිවර්තන ලිංග වලට අයත් කණ්ඩායමට හමුදාවේ සේවය කිරීමට මෑතකදී පෙන්ටගනය කැමැත්ත පලකලත් ආරක්ෂක දෙපාර්තමේන්තුව මෙම ප‍්‍රජාව ගැන කැමැත්තක් නොදක්වන බව පෙනීයයි.
LGBT ලෙස හඳුන්වන මෙම කණ්ඩායම් පිලිබඳව ඇති වෙබ් අඩවි වලට පිවිසීම ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ
අභ්‍යන්තර පරිඝනක වල තහනම් කර ඇති ආකාරය පිලිබඳ ලිපියක් ්පැරසජ්ඊකදට නම් ජර්නලයේ පලකර ඇත.
ඈන් කොල්ටර් සහ රෂ් ලිම්බෆ් ගේ වෙබ් අඩවි වලට පෙන්ටගනය ඉඩදී ඇති නමුත් සමලිංගික සිවිල් අයිතිවාසිකම් පිලිබඳව ඇති වෙබ් අඩවි වන Towleroad සහ AmericaBlog ආරක්ෂක දෙපාර්තමේන්තුව අවහිර කර ඇති බව AmericaBlog හි ජෝන් ඇරවොසිස් කියයි.
සාමාජිකයන් 4000ක් පමණ සිටින LGBT කණ්ඩායමේ හමුදා සේවකයන්ගේ වෘත්තීය ජාලය ලෙස සැලකෙන outserv.org ද පෙන්ටගනය තහනම් කර ඇත. සුදුසුකම් ඇති සියළු ඇමරිකානුවන්ට හමුදාවේ සේවය කල හැකි වුවද ආරක්ෂක දෙපාර්තමේන්තුව දැන් වෙනස් ආකරයේ තේරීමක්ද සිදු කරන බව ඇරවොසිස් කියයි. ඔහු පලකර ඇති තිර ඡයාරූපයක දැක්වෙන්නේ කැනඩාවේ බ්ලූකෝට් සිස්ටම්ස් ආයතනයෙන් මෙම වෙබ් අඩවි වැලැක්වීම සිදු කරන බවයි.
ඛඨඊඔ ලෙස වර්ග කල අන්තර්ගතයන්ට පෙන්ටගන් සේවකයන් යොමු නොකිරීමේ පෙන්ටගන් වාරණය පසුගිය වසරේ ආරක්ෂක ලේකම් ලියොන් පනෙටා ගේ ප‍්‍රකාශය සමඟ විසංවාදීය. ඔහු කියා ඇත්තේ සුදුසුකම් ලත් සියළු දෙනාට ඇමරිකානු හමුදාවේ සමාන අවස්ථා ලබා දීමට කැපවී සිටින බවයි.
2011 දී ඇමරිකානු සිවිල් නිදහස් සංගමය ප‍්‍රින්ස් විලියම්ස් පාසලට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ගයක් ගත්තේ එහි සිසුන්ට LGBT වෙබ් අඩවි තහනම් කල නිසාය පාසල විසින් තහනම ඉවත් කල පසු සිවිල් නිදහස් සංගමයේ විධායක අධ්‍යක්ෂ කෙන්ට් විලිස් ස්තුති කර ඇත. වැඩිහිටි, ක්ෂණික පණිවුඩ, ලමා ලිංගිකත්වය, දත්ත සොරකම් කිරීම, වින්දනය මෙන්ම ඛඊඨඔ සහ විකල්ප ලිංගිකත්වය ආදී ලෙස වර්ග ගණනාවක් යටතේ බ්ලූකෝට් හි වෙබ් අඩවි අවහිර කිරීම් සිදුවෙයි.

No comments:
Post a Comment