Pages

1/7/13

පෙම්වතා කියා සිතා දුෂණයට ඉඩ දීලා, පසුව නඩු දාලා

පෙම්වතා බව අගවමින් අඳුරේ කාන්තාවක් දුෂණය කිරීමේ වරදට දඩුවම් නියම වු පුද්ගලයෙකුගේ නඩුව යලි විභාගයට ගැනීමට කැලිෆෝනියා අභියාචනාධිකරණය තීරණය කර ඇත.

ජුලියෝ මොරාලස් විසින් කාන්තාවගේ පෙම්වතා පිටව යන අයුරු බලා සිට බීමත්ව නිදා සිටි කාන්තාව සමග ඟලිංගික ක‍්‍රියාවක් අරඹා ඇත.

කාන්තාව පෙම්වතා පිටව ගිය බව නොදැන ඒ ඔහු යයි සිතා ඇත. පසුව ආලෝකයක් වැටීමෙන් සිය පෙම්වතා නොවන බව හඳුනාගෙන ඔහු තල්ලූ කර දමා එලවා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාව පැවරූ නඩුවට වසර 3ක සිර දඩුවමක් ලබා දුන්නත් අභියාචනාධිකරණය 1872 නීතිය සලකා නඩුව යලි විභාගයට තීරණය කර ඇත.

එම නිතිය අනුව නින්දේ සිටින හෝ නොදැනුවත් අයෙක් සමඟ ලිංගිකව හැසිරීම අපරාධයක් වන්නේ කාන්තාව විවාහක නම් සැමියා බව අගවා එසේ කලොත් පමණි.

පෙම්වතා බව සිතා ලිංගික කාර්යයකට ඉඩ දීමට නීතියෙන් ආරක්ෂාවක් නැත. තල්ලූ කල බව කිවුවත් එවැන්නක් සිදු වී නැති අතර කාන්තාවගේ අකමැත්තෙන් කිසිවක් සිදු නොවූ බව මොරාලස්ගේ නීතීඥයන් කියා ඇත.

2009දී මෙවැනිම සිද්ධියකදී නිවුන් සොහොයුරා බව අගවමින් ඔහුගේ පෙම්වතිය දුෂණය කල වරද පිලිගත් නිසා 25 හැවිරිදි පොලිස් නිලධාරියෙකු වූ ජෙරාඞ් රොඞ්රිගස් දඩුවම් ලැබුණත් දඩ ගෙවීමෙන් සිර දඩුවමෙන් බේරීමට හැකි විය. 19 වන සියවසේ මෙම නීතිය සංශෝධනය වී නැති නිසා අනෙකුත් ස්ත්‍රී දුෂකයන් සිරගෙදර සිටියදී මොරාලස් නිදහස් වනු ඇත.

No comments:

Post a Comment