Pages

1/6/13

ඉන්දියාවේ තවත් තරුණියක් සාහසකයින්ගේ බිල්ලක් වෙයි

ඉන්දියාවේ නවදිල්ලි නුවරට ආසන්න නගරයකදී තවත් 23හැවිරිදි තරුණියක් පැහැරගෙන ගොස් දූෂණය කර ඝාතනය කර තිබේ.

පොලිසිය පැවසුවේ මේ තරුණිය, පසුගිය සිකුරාදා රාත්‍රීෙය් සිය සේවා ස්ථානයෙන් බැහැරව නිවෙස වෙත පැමිණෙමින් සිටියදී ඇය පැහැරගෙන ගොස් දූෂණය කර ඇති බවය.
පසුව ඇගේ සිරුර නිවස ආසන්නයේ පිහිටි කැලෑබද ප්‍රදේශයක තිබී හමුවී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින බව පොලිසිය ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මේ සිද්ධිය වාර්තා වුණේ, සමූහ දූෂණයකින් ඉන්දීය වෛද්‍ය ශිෂ්‍යාවක ඝාතනයට ලක්ව ඊට එරෙහිව ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් දැඩි විරෝධයක් එල්ලවෙමින් තිබියදීය.

මේ අතර වෛද්‍ය ශිෂ්‍යාව දූෂණය කොට ඝාතනය කිරීමට එරෙහිව බ්‍රිතාන්‍යයේ සිටින ඉන්දීය වැසියන් ලන්ඩන් නුවර විරෝධතා සංවිධානය කර තිබේ.

ඉදිරි සති කිහිපයේ මීට අදාළ විරෝධතා සංවිධානය කර ඇති අතර හෙට ලන්ඩන් නුවර පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් ද පැවැත්වීමට නියමිතය.

No comments:

Post a Comment