නවදිල්ලි අගනුවර ධාවනය වෙමින් පැවති බස් රථයක් තුළදී සමූහ ලෙසින් දූෂණයට ලක්ව ඝාතනය වූ වෛද්‍ය ශිෂ්‍යාව සමඟ සිටි තරුණයා ප්‍රථම වරට ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
ඉන්දීය නාලිකාවකට සම්මුඛ සාචච්ඡාවක ලබා දෙමින් ඔහු පවසා ඇත්තේ,තමන් දෙදෙනා පහරදීමට ලක්වූ අවස්ථාවේ පොලීසිය ඉතා උදාසීන ලෙසින් ක්‍රියා කළ බවය.
එසේම අධික ලෙස රුධිරය වහනය වෙමින් සිටි තමන් ආසන්නතම රෝහලට ඇතුළත් නොකොට දුරබැහැරින් පිහිටි රෝහලකට රැගෙන ගිය බවට ද ඔහු පොලීසියට චෝදනා කර තබේ.
නම ප්‍රසිද්ධියට පත් කර නොමැති එම තරුණයා පවසන්නේ, ඔවුන් දෙදෙනා ගොඩ වූ බස් රථයයේ විදුරු අඳුරු කර තිබූ බවය.
එම බස් රථය අපරාධයක් සඳහා සකස් කළ එකක් බව ඔහු සැක පළ කරයි.
මේ අතර ඇසෑම් ප්‍රාන්තයේදී ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ දේශපාලනඥයා පාලක කොංග්‍රස් පක්ෂයෙන් නෙරපා හැර තිබේ.
එම දේශපාලනඥයා අදාළ අපරාධය සිදු කරන අවස්ථාවේදී ගම්වාසීන් පිරිසකට හසු වූ අතර පසුව ඔහුගේ ඇඳුම් ඉරා දමා කාන්තාවන් පිරිසක් එම පුද්ගලයාට පහර දෙන රූප රාමු ඉන්දීය නාලිකාවක් වාර්තා කළේය.
පසුව ඇසෑම් පොලීසිය පැමිණ එම දේශපාලනඥයා ගම්වාසීන්ගේ ග්‍රහණයෙන් මුදවා ගනු ලැබූවේ, නීතිය අකරටම ඉටු කරන බවට ප්‍රතිඥා දෙමිනි.
ඉන්දියානු කාන්තාවන් ප්‍රාදේශීය දේශපාලඥයාට පහරදෙන වීඩියෝව

No comments:
Post a Comment