Pages

1/7/13

චාවේස්ට දිවුරුම් නොදී තවත් වසර හයක්

ජනාධිපති හියුගෝ චාවේස්ට ලබන බ්‍රහස්පතින්දා පටන් තවත් සය අවුරුදු නිල කාලයක් සඳහා පදවියේ වැඩ කටයුතු ආරම්භ කළ හැකි යයි වෙනිසියුලානු ආණ්ඩුව ප්‍රකාශ කරයි.

ජනාධිපති චාවේෂ් දිව්රුම් දීමේ අවස්ථාවට සහභාගී වීමට පවා දුෂ්කරල රෝගී තත්වයක සිටියදීයිල එවැනි නිවේදනයක් නිකුත් කෙරිණි.
ජනාධිපතිවරයා පදවියේ දිව්රුම් දීම චාරිත්‍රයකැයි කියා සිටින උප ජනාධිපති නිකොලස් මධුරෝ එම කාර්යය පසු දිනක ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියෙහි සිදු කෙරෙනු ඇතැයි ද සඳහන් කළේය.

ජනාධිපති චාවේස් දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගී නොවන්නේ නම් යළි ජනාධිපතිවරණයක් කැඳවිය යුතු යයි විපක්ෂය කරන ප්‍රකාශය වෙනිසියුලානු උප ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළේය.

පිළිකා රෝගයෙන් පීඩා විඳින ජනාධිපති චාවේස් තවමත් කියුබාවේ ප්‍රතිකාර ලබමින් සිටින අතර සති තුනකට පෙර ඔහු ශල්‍ය කර්මයකට භාජනය කෙරුන අතර ඉන්පසු ඔහු ප්‍රසිද්ධියේ පෙනී නොසිටියේය.

No comments:

Post a Comment