පිලිපීන කොරල්පරයට අනවසර ඇතුල්වීමට ඇමරිකානු නාවික හමුදාවට දඩ
පිලිපීන රජය වෙරල ආරක්ෂකයන්ගේ අනතුරු ඇඟවීම නොතකා USS ගාර්ඩියන් බෝම්බ ඉවත් කරන නෞකාව ලෝක උරුමයක් ලෙස නම් කරන ලද කොරල් පරයට ඇතුල්වීම හා විනාශ කිරීම ගැන දඩ නියම කර ඇත.
තුබ්බටාහා කොරල් පරයට අනවසරයෙන් ඇතුල් වීමට දඬුවම් බරපතල වන අතර එය වසරක සිර දඬුවමක් හෝ පෙසෝ 300000 ක දඩයකි. ජනවාරි 17 වනදා ආරක්ෂිත පරයට හානි කල පසු පිලිපීනය ඇමරිකාවේ නොසැලකිල්ල ගැන කෝපයට පත්ව ඇත.
දඩ නියම කිරීම සඳහා සිදුවූ හානිය තක්සේරු කිරීමට කොර්ල් පරය ආරක්ෂා කිරීමට රජයෙන් පත් කර ඇති මණ්ඩලයට දින කිහිපයක්ම ගතවී ඇත. මණ්ඩලයේ සාමාජික ජෝස් ලොරෙන්ටෝ ටෑන් දඩමුදල හා ඇමරිකානු නාවික හමුදාව සමඟ කේවල් කිරීම ප‍්‍රතික්ෂෙප කර ඇත.
හානිවූ වර්ග මීටරයකට ඩොලර් 300ක් පමණ දඩ ගසන අතර වර්ගමීටර් 68ක් වූ පරයෙන් 10ක් වත් විනාශ වී ඇතැයි මණ්ඩලයේ ප‍්‍රධානී ඇන්ජලික් සොන්කෝ හෆින්ටන් පෝස්ට් වෙත ප‍්‍රකාශ කලේය. මේ ප‍්‍රදේශයට ඇතුල්වන නෞකා වලට අනතුරු ඇඟවීමට යොදා සිටි ආරක්ෂකයින් රේඩියෝ පණිවුව වලින් නැවට අනතුරු ඇඟවූ විට එහි කපිතාන් වරයා කියා ඇත්තේ ඔවුන්ට ප‍්‍රශ්නයක් ඇත්නම් ඇමරිකානු තානාපති කාර්යාලයට පැමිණිලි කරන ලෙසයි.
ඉන්පසු මෙම නැව කොරල්පරය මතින් ගමන් කිරීමට යාමේදී එහි වැදී සිරවී ඇත. ඇමරිකානු නාවික හමුදාව මේ පිලිබඳ ප‍්‍රකාශයක් නිකුත් කරමින් නොදැන සිදු වූ වරදට හේතුව නරක කාලගුණය යයි කියා ඇත. පරිසර හානිය අවම වනසේ පැටලී ඇති කොරල් පරයෙන් නැව ගලවා ගැනීමට උදවු වීම සඳහා පුද්ගලයන් එහි රඳවන බවද කියා තිබේ.
චීන බලපැම් වැඩි වීම නිසා මේ කලාපයේ ඇමරිකානු භටයන් නැවු හා ගුවන් යානා දියත් කර ඇත. ඇමරිකාව හා පිලිපීන ය අතර සම්බන්ධතා හොඳ මට්ටමක ඇතත් මේ සිද්ධිය නිසා ඇතැම් අයගේ අදහස් වෙනස් වී ඇත.
නැව තවමත් පරයේ සිරවී ඇති අතර පිලිපීන වෙරල ආරක්ෂකයන් එය නිදහස් කරගෙන තවදුරටත් හානි තක්සේරු කිරීමට කටයුතු කරමින් සිටියි.

No comments:
Post a Comment