කාශ්මීරයේ ආරවුලට මැදිව තිබෙන කලාපයේ හටගත හැකි න්‍යෂ්ටික යුද්ධයකට මුහුණ දීම සඳහා භූගත බන්කර ගොඩ නඟා ගන්නා ලෙස ඉන්දීය -කාශ්මීර පොලීසිය නේවාසිකයන්ට අවවාද කර තිබේ. අදාළ කලාපයේ පසුගිය කාලයේ දරුණු දේශ සිමා ගැටුම් කීපයක්ම ඇති විය.
මන්දගාමී සාම ක්‍රියාවලියට තර්ජනයක් වන පරිද්දෙන් ඇතිවූ මේ දේශ සීමා ගැටුම්වල අවසානයක් දකිනු රිසියෙන් ඉන්දු -පාකිස්තාන හමුදා අතර සටන් අත්හිටු වීමේ එකඟතාව මත ඇති කර ගත් සටන් විරාමයක් පවතිද්දී ඉහත සඳහන් අනතුරු ඇඟවීම කර තිබේ.
න්‍යෂ්ටික පිපිරුමේ ආලෝක විහිදුමෙන් තත්පර 5කදී පිපිරුම් තරංග ළඟා නොවන දුරක සිටියේ වී නම් විනාශයට ගොදුරු වන බිමෙන් යමෙකු ඈත්ව සිටිනු ඇතැයි පොලිසිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. මේ නිවේදනය,’ න්‍යෂ්ටික ජීව විද්‍යාත්මක හා රසායනික අවි ප්‍රහාරයෙන් ආරක්ෂා වීම’ යන හිසින් නිකුත් කර තිබේ.
න්‍යෂ්ටික ප්‍රහාරයකදී මුලින්ම ඇතිවන අන්දමන්ද වීම ගැන එමගින් අනතුරු අඟ වා ඇත්තේ සුපුරුදු හා ප්‍රමුඛ ලක්ෂණ සියල්ලම පාහේ ඒ හාම වියැකී යනු ඇති බව පවසමිනි.
මෙම අවවාද හා උපදෙස් ඉකුත් සඳුදා ‘ග්‍රේටර්කැෂ්මියර්’ නම් ඉංග්‍රිසි පුවත් පතේ පලකර තිබුණේ පොලීසියේ ම අංශයක් වන රාජ්‍ය ආපදා ප්‍රතිචාර බළකාය මගිනි.
‘සුළං වියැකී ගොස් සුන්බුන් පතිත වීම නවතිනතුරු බංකර තුළ රැඳී සිටිය යුතු බවත් පිපිරුම හා පිළිස්සුම්වලින් පසු පිපිරුම් තරංග විනාඩි දෙක තුනකදී වියැකී යනු ඇති සේම ඇතිවන කැපුම් තුවාල හා තැලුම් සම්ප්‍රදායික තුවාලවලට වඩා වැඩි වෙනසක් නොවනු ඇති බවත්’ නිවේදනයෙන් කියැවිණ.
තවද මෙහිදී දෑස් නිලංකාර වනු ඇති අතර එය තාවකාලිකව පැවැතී තත්පර කීපයකදී යථා තත්ත්වයට පත්වනු ඇති බව ද සඳහන් විය.
නේවාසිකයන් විසින් වැසිකිළි පහසුකම් සහිත බිම්ගත ආරක්ෂක කුටිගොඩ නඟා ගත යුතු අතර පවුලේ අයට ඒවායේ දෙසතියක කාලයක් රැඳී සිටීමට හැකිවිය යුතු අතර නරක් නොවන ආහාර රැස්කර තබාගත යුතු බව ද නිවේදනයේ දක්වා ඇත.
මෙවන් නිවේදනයක් නිකුත් කර ඇති බව පොලීසිය පිළිගෙන ඇතත් මෑතක ඇතිවූ දේශ සීමා ගැටුම්වලට එහි සම්බන්ධයක් නැති බව ඔවුන් පවසා ඇත.
මේ අතර ඉන්දීය ත්‍රස්ත මර්දන විශේෂඥයන් පවසන්නේ මෙවන් අනතුරු ඇඟවීමක් සිදුකිරීමට තරම් අවශ්‍යතාවක් නැති අතර එහෙන් මෙහෙන් අහුලා ගත් තොරතුරු අඩංගු මෙවන් නිවේදනය කට යෙදවෙන කඩදාසිය තරම්වත් වටිනාකමක් එහි නැති බවය.

No comments:
Post a Comment