Pages

1/25/13

චීන හමුදාව රියැදුරු රහිත වාහනයක් හදයි

රියැදුරකු රහිතව මහමඟ ගමන් කළ හැකි වාහනයක් නිපදවීමට චීන හමුදාව සමත්ව ඇති බව නිල හමුදා මාධ්‍ය වාර්තාවකින් දැක්වී තිබේ. මෙය රියැදුරන්ගේ ගමන් වෙහෙස නිවාලීමට මෙන්ම ඔවුනට නිවිහැනහිල්ලේ නින්දේ පසුවිමට හැකි වන අයුරින් සාමාන්‍ය ජනතාවගේ භාවිතය සඳහා ඉදිරිපත් කෙරෙනු ඇතැයිද සඳහන්ය.
‘ෆියර්ස් ලයන් 3′ ලෙස හැඳින්වෙන මේ වාහනය නවීන පරිගණක අංගෝපාංගයන්ගෙන් සමන්විත වන අතර රේඩාර්, විඩියෝ හා චන්ද්‍රිකා පද්ධතිවල ආධාරයද ඇතිව ආසන්නයේ පවත්නා රථවාහන හඳුනාගැන්ම හා ඒවා පසුකර යාම මෙන්ම වෙනත් ක්‍රියාකාරකම් ද ආරක්ෂිතවම සිදුකරනු ඇති බව එම වාර්තාවේ දැක් වේ .

මේ මෝටර් රිය සාමාන්‍ය මෝටර් රියක් සදිසි වන අතර ඊට සම්බන්ධ කැමරා සහිතව සිදුකළ ධාවන අත්හදා බැලීමේදී පැයට කිලෝමීටර 105 දක්වා වන වේගයෙන් මිනිත්තු 85 කදී කිලෝමීටර 114 ක් දුර දුවන ලද බව චීන ජනතා විමුක්ති හමුදාවේ නිල පුවත් පත වන පීඑල්ඒ ඩේලි පුවත් පත වාර්තා කර තිබේ.

එය අධිවේගී මාර්ගයක අත්හදා බැලීමේදී ඊට අඩු වේගයෙන් ගමන් ගන්නා වාහන 33 වාරයක් පසුකර ගොස් තිබේ. තවද වෙනත් වාහනයක් පසුකර යාම අනතුරු දායක නම් ඉන් වැළකීමටද මේ මෝටර් රියට හැකියාවක් ඇත.

No comments:

Post a Comment