වියදම් අඩු කරන්න ඇමරිකාවෙන් රීකන්ඩිෂන් අභ්‍යවකාශ යානා
භාවිතයෙන් ඉවත් වූ චන්ද්‍රිකා රෝබෝ උපාංග යවා ප‍්‍රතිසංස්කරණය කොට නැවත කක්ෂගත කිරීමට ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.
උසස් ආරක්ෂක පර්යේෂණ ව්‍යාපෘති ආයතනය (DAPRA) අඟහරුවාදා ප‍්‍රකාශ කලේ මේ සැලසුම 2015 දී ක‍්‍රියාවට නැගෙන බවයි. පෘථිවියට සැතපුම් 22000 ක් ඉහල සිට ප‍්‍රතිසංස්කරණය කරන ලද මේ චන්ද්‍රිකා යුධසටන් සන්නිවේදන හැකියාවන් දියුණු කිරීමට භාවිතා වනු ඇත.
‘ෆිනික්ස්’ ලෙස නම්කර ඇති ව්‍යාපෘතිය මගින් අබලන් චන්ද්‍රිකාවල ඇන්ටනාව රොබෝ උපාංග යොදාගෙන ක්ෂුද්‍ර චන්ද්‍රිකා වලට සම්බන්ධ කෙරෙයි. ඒ මගින් කෙරෙන්නේ අබලන් චන්දිකාවේ වැඩ නොකරන කොටස ක්ෂුද්‍ර චන්ද්‍රිකාව මගින් කියාත්මක කිරීමයි අළුත් චන්ද්‍රිකාවක් නිපදවා ගුවන්ගත කිරීම වියදම් අධික වුවත් මෙම ක්ෂුද්‍ර චන්ද්‍රිකා සඳහා යන වියදම සැලකිය යුතු ලෙස අඩුය.
නව චන්ද්‍රිකාවක වියදම ඩොලර් මිලියන 50 සිට 400 දක්වා වන බව ග්ලෝබල් කොම් සැටලයිට් කමියුනිකේෂන්ස් ආයතනය කියයි. DAPRA හි වැඩසටහන් කලමනාකරු ඬේව් බර්න්හාට් කියන්නේ මේ ව්‍යාපෘතිය මගින් ආරක්ෂක දෙපාර්තමේනුතුවේ ආයෝජනයට ලැබෙන ප‍්‍රතිලාභය තවත් වැඩි වන බවයි.
චන්ද්‍රිකා සම්බන්ධ කෙරෙන රොබෝ ආම්පන්න අභ්‍යවකාශයට ගෙන යාම ෆිනික්ස් ව්‍යාපෘතියේ වැඩිම වියදමක් යන කොටසයි. මේ වැඩසටහන හරහා රජයට ක‍්‍රියාක්මක මට්ටමේ ඇති ඇන්ටනා හා සූර්ය පැනල වලින් මිලියන ගණනක් ඉතිරි කල හැකිවනු ඇත.
DAPRA මෙහිදී මුහුණදෙන ලොකුම අභියෝගය නම් පැරණි ඇන්ටනා නොකැඞී නව පද්ධතියට සම්බන්ධ කර ගැනීමයි. තමන්ට ලොකු ගමනක් යාමට ඇති අතර ඒ සඳහා පදනම දමමින් සිටින බව බර්නාහාට් කියා සිටියේය.

No comments:
Post a Comment