සමලිංගිකත්වය සොයා යන මිනිසෙකුට දෝෂාරෝපණය කරමින් නැගෙනහිර ලන්ඩනයේ ‘මුස්ලිම් මුර සංචාරයක්’ දක්වන වීඩියෝවකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු ලන්ඩන් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. මුස්ලිම් නායකයන් ද මේ කල්ලියේ කටයුතු හෙලා දැක තිබේ.
නැගෙනහිර ලන්ඩනයේ වයිට් චැපල් යයි පෙනෙන ප‍්‍රදේශයක ඇවිදයන රූපාලංකාර කරන ලද මුහුණක් සහිත මිනිසෙකුට නිවටයකු ලෙස බැනවදිනු මේ වීඩියෝවේ දැක්වෙයි. ‘‘නුඹ මෙසේ ඇඳපැලඳගෙන සිටින්නේ මන්ද?’’ යන පැනයට පිලිතුරු ලෙස මේ පුද්ගලයා තමා සමලිංගිකයකු බව කියයි. ‘‘නුඹ නෝංජලයෙකු ලෙස ඇඳගෙන ඇවිදින්නේ මුස්ලිම් ප‍්‍රදේශයක. වහාම මින් පිටවෙයන්’’ යයි හිස්වැසුම් ලාගත් තරුණයෝ දෙදෙනා කියති. ‘සෙනසුරාදා රාත‍්‍රියේ සත්‍යය ’ නම් තවත් වීඩියෝ පටයක් මේ කණ්ඩායම විසින්ම මීට පෙර නිකුත්කර ඇති අතර එහි සුදු කාන්තාවන් ආත්ම ගරුත්වයක් නැති නිරුවත් සතුන් ලෙස හඳුන්වා ඇත.
මේ පිරිස බීමත්ව මහජනයා ඉදිරියේ ගැවසෙනු දැක ඇති බවද කියවේ. පොලීසිය ප‍්‍රදේශයේ මුර සංචාර අරඹා ඇත. ප‍්‍රාදේශිය ජන නායකයන් ගෙන් ව්‍යපාරිකයන් ගෙන් සහ අධිකාරීන් ගෙන් මේ ගැන උදවු ඉල්ලා ඇතැයි පොලිස් ප‍්‍රකාශකයෙක් ලන්ඩනයේ ගේ ස්ටාර් නිවුස් වෙත කියා තිබේ.
නැගෙනහිර ලන්ඩන් මුස්ලිම් පල්ලියද මේ සිද්ධීන් නිසා ජාතින් අතර සහයෝගය හා විශ්වාසය නැතිවන බවත් මේ ගැන පරීක්ෂාවෙන් සිටින බවත් එහි ප‍්‍රකාශකයෙක් කියා ඇත.

No comments:
Post a Comment