Pages

1/24/13

සිරියාවේ සිටින රුසියානුවන් ඉවත් කරයි.

රුසියාවේ හදිසි අවස්ථා පිලිබඳ අමාත්‍යාංශය ගැටුම් නිසා සිරියාවෙන් පිටවීමට අවශ්‍ය රුසියානු ජාතිකයන් ආපසු ගෙන්වා ගැනීමට ලෙබනන් අගනුවර වෙත ගුවන් යානා දෙකක් යවා ඇත. කාන්තාවන් සහ ලමුන් ඇතුළු 150 ක පමණ පිරිසක් පිටවීමට බලා සිටින බීරූට් ගුවන් තොටුපල වෙත වෛද්‍යවර සහ මානසික වෛද්‍යවරු ඇතුලත් යානා 2 අඟහරුවාදා බීරූට් බලා පිටත් විය.
Il 76 සහ Yak 42 වර්ගයේ මෙම යානා වල මිනිසුන් 120ක් පමණ ගෙනයා හැකිය. මීට පෙර වාර්තා වුනේ සිරියාවේ සිටින රුසියානුවන් ගලවා ගැනීම නාවික හමුදා මගින් සිදු කෙරෙනු ඇති බවයි. ඒ බව සනාථ කරමින් යුධ නැවු බොහොමයක් මධ්‍යධරණී මුහුදට පැමිණි නමුත් විදේශ අමාත්‍යාංශය පසුව ප‍්‍රකාශ කලේ ඒවා සැලසුම් කල හමුදා අභ්‍යාස සඳහා දියත් කල බවයි.

විදේශ අමාත්‍ය සර්ජි ලැවුරොවුට අනුව සිරියාවේ සිටින රුසියානුවන් දහස් ගණනින් බොහොමයක් කොන්සල් කාර්යාලයේ ලියාපදිංචි වී නැත. නිලධාරීන්ගේ ඇස්තමේන්තුව අනුව 25000ත් 100000 අතර ප‍්‍රමාණයක් දැනට එහි වෙති.

1970 සොවියට් යුගයේ ඇතිකල භටයන් සහ නිලධාරීන් 50ක් පමණ ඇති බාමර් නාවික කඳවුර සිරියාවේ තවමත් පවතී. 1990 ගණන් වලදී නොසලකා හරින ලද මෙය වර්තමානයේ යලි සැලකිල්ලට ගෙන ඇති අතර මධ්‍යධරණී මුහුදේ රුසියානු නෞකා අළුත්වැඩියාව සහ ඉන්ධන පිරවීමට යලි භාවිතා කරමින් ඇත.

සිරියානු අර්බුද මැද වසර දෙකක් තිස්සේ මෙම කඳවුර ක‍්‍රියාත්මක වූ අතර එහි සිටින අයගේ ජීවිත වලට තර්ජන එල්ල වුවහොත් ඉවත් කර ගන්නා බව අධිකාරීන් කියා ඇත.

No comments:

Post a Comment