කොළොම්බියාවේ හොන්ඩුරාස් තානාපති කාලෝස් රොඞ්රිගූස් හට ගණිකාවන් දෙදෙනෙකු නිසා තම තනතුර අහිමි වී ඇත.
බොගෝටා නුවර පිහිටි හොන්ඩුරාස් තානාපති කාර්යාලයේ පසුගිය දෙසැම්බර් 20 වෙනිදා පැවති නත්තල් සාදය සදහා ප‍්‍රදේශයේ ගණිකාවන් දෙදෙනෙකුද සහභාගී වී ඇති අතර සාදය අතරතුරදී ඔවුන් දෙදෙනා තානාපති කාර්යාලය තුල තිබූ ලැප්ටොප් පරිගණක දෙකක් සහ සාදයට සහභාගි වුවන්ගේ ජංගම දුරකතන කිහිපයක් පැහැරගෙන පලා ගොස් ඇත.
කොලොම්බියානු භූමියේදී තම රටට අත්වූ අපකීර්තිය මකා ගැනීමටත්, දෙරට අතර සුහදතාවය පවත්වාගැනීමත් වෙනුවෙන් තානාපතිවරයා සේවයෙන් පහකල බව හොන්ඩුරාස් විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරනවා.
තානාපති කාර්යාලයේ සේවකයෙකු විසින් මෙම ගනිකාවන් දෙදෙනා තානාපති කාර්යාලීය වාහනයකින් නත්තල් සාදයට ගෙන්වාගෙන ඇති අතර මෙම සිදුවිම වන අවස්ථාවේදි කාලෝස් රොඞ්රිගූස් තානාපතිවරයා නත්තල් සාදයට සහභාගී වී සිටියේද යන්න තහවුරු වී නොමැති බව කොලොම්බියානු පොලිසිය ප‍්‍රකාශ කරනවා.
No comments:
Post a Comment