සිරියානු ජනපතිවරයා විසින් අල්කයිඩාවට සම්බන්ධ ත‍්‍රස්ත කණ්ඩායම් වලට අන්තර්ජාතික සහය ලැබීම නැවැත්වීමෙන් ඇරඹිය හැකි රටේ ගැටුම් වැලැක්වීමේ සැලසුමක් ඉදිරිපත් කර ඇත. එමගින් අළුත් ව්‍යවස්ථාවක් හා රජයක් මෙන්ම ජාතික සමඟියද ඇති කිරීමට යෝජනා කරයි.
රජය දේශපාලන සාකච්ඡ කිසිවිටක ප‍්‍රතික්ෂේප කර නැති නමුත් ත‍්‍රස්තවාදීන් සමඟ සාකච්ඡ නොකරන බව කියා සිටී. එසේම එකම විසඳුම වන්නේ සිරියානු රජයේ යෝජනාව බවත් ඔහු අවධාරණය කරයි.
සිරියාවේ අභිමතාර්ථ සම්බන්ධයෙන් ක‍්‍රියාකරන සියලූ පක්ෂ ජාතික සමුළුවක් මගින් සාකච්ඡුාවකට කැඳවා සටන් විරාමය හා ජනතා ඡුන්දයට ඉදිරිපත් කල හැකි නව ව්‍යවස්ථාවක් නිර්මාණය කරගත යුතුයයි ඔහු සඳහන් කරයි. එමගින් නව සිරියානු රජයක් ගොඩනැගිය යුතුය.
අවසාන පියවර විය යුත්තේ අර්බුදය අතරතුර සිරගත වූවන්ට පොදු සමාවක් ලබා දීම සහ ජාතික සමඟිය ඇති කිරීමයි. ගැටුමට විසඳුමක් දිය හැකි කොටස් කරුවෙකු තවම සොයාගත නොහැකි වු බව කියන ජනාධිපතිවරයා රුසියාව, චීනය හා ඉරානය සිරියානු කටයුතු වලට මැදිහත් නොවීම පිලිබඳව ප‍්‍රශංසා කලේය.
සිරියානු විපක්ෂය බටහිර රූකඩ හා අල්කයිඩාවට සම්බන්ධ ත‍්‍රස්තවාදීන් ලෙස ඔහු විවේචනය කර තිබේ. රට පෙලන මිනීමරු අපරාධ වලට එරෙහි ජාතික පෙලගැස්මක් අවශ්‍ය බව ජනපති බෂාර් අල් අසාද් අවධාරණය කරයි.

No comments:
Post a Comment