ස්වට්සර්ලන්තයේ පැරණිම පුද්ගලික බැංකුව වන වෙගලින් බැංකුවක් ලෙස ක‍්‍රියා කිරීම අත්හිටවන බව නිවේදනය කර ඇත්තේ ඇමරිකාව තුල සිදුවු බදු නීති උල්ලංඝනය කිරීම පිලිගත් නිසාය. බ‍්‍රහස්පතින්දා වෙගලින් සිය වසා දැමීම තහවුරු කරමින් ප‍්‍රකාශයක් නිකුත් කලේය.
විදේශ ගිණුම් වලින් විශාල ලෙස බදු නොගෙවා සිටීමට ඇමරිකානු ගණුදෙනු කරුවන් 100කට පමණ උදවු කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 57.8 ක දඩයක් ගෙවීමට ස්විස් බැංකුව එකඟ වී ඇත.
නඩු විභාගයේදී බැංකුවේ කලමණාකාර සහකාර ඔටෝ බෘඩරර් බැංකුවේ ක‍්‍රියාව වැරදි සහගත බව එය දැන සිටි බවට තහවුරු කලේය.
2002 සිට 2012 දක්වා කාලය තුල ඇතැම් ඇමරිකානු බදු ගෙවන්නන්ට බදු ගිවිසුම් මගහැරීමට වැරදි බදු ගෙවීම් ලිපි ගොණු සාදන ලද බව බෘඩර් උපුටා දක්වමින් ‘ද ගාර්ඩියන්’ වාර්තා කරයි.
මෙහිදී වෙගලින් අනුගමනය කර ඇති ක‍්‍රියාමාර්ගය නම් විවිධ රටවල ව්‍යාජ අයිතිකරුවන්් ඇති කිරීම සහ ඇමරිකානු ගණුදෙනු කරුවන්ට කේත නම් වලින් රහස් ගිණුම් නිර්මාණය කිරීමයි. එම රහස් ගිණුම් ඇති අයගේ නම් ප‍්‍රකාශ කිරීමට බැංකුවට බල කෙරෙනු ඇද්දැයි විශ්වාස නැත.
අනෙකුත් බැංකු ඇමරිකානු නිතියේ බලපැම හේතුවෙන් මෙම පුරුද්ද නවතා දැමීම නිසා වෙගලින් ඇමරිකානුවන්ගේ ගැලවුම් කරුවා බවට පත් වී ඇතැයි පැමිණිලි කරු වන ප‍්‍රීඞ් බරාරා කියා ඇත.
බැංකුව වසා දැමුණත් ෆර්ගීසන් නම් ඕස්ටේලියා බැංකුවට ඇමරිකානු නොවන ව්‍යාපාර විකුණා දමන නිසා අන්තර්ජාතික ගණුදෙනු කරුවන්ට ඉන් බලපෑමක් නොවේ.

No comments:
Post a Comment