දෙරටේ තත්වය උණුසම්
ඉන්දීය හමුදාව පාකිස්ථාන කඳවුරකට එල්ලකල ප‍්‍රහාරයකින් පාකිස්ථාන භටයෙක් මරණයට පත්වී ඇතැයි පාකිස්ථාන හමුදාව කියයි. ඉන්දීය හමුදාව කියන්නේ තම ප‍්‍රදේශයේ නිවසකට ෂෙල් ප‍්‍රහාරයක් එල්ල කරමින් ගැටුම ඇරඹුවේ පාකිස්ථානය බවයි.
නිල ප‍්‍රකාශයක් මගින් ඉන්දියාව චෝදනා කර ඇත්තේ රටවල් දෙක මගින් ප‍්‍රකාශ කරගත් දේශ සීමාව පාකිස්ථානය උල්ලංඝනය කරන බවයි.
වෙඩි හුවමාරුවෙන් තවත් භටයෙක් බරපතල තුවාල ලැබූ බව පාකිස්ථාන හමුදාවේ මහජන සම්බන්ධතා කාර්යාලය කියයි.
සාවන් පත‍්‍රා හමුදා මාර්ගබාධකයට එල්ල කල ඉන්දීය ආක‍්‍රමණයට පාකිස්ථාන හමුදාව සාර්ථකව මුහුණ දුන් බවත් එම ප‍්‍රකාශයේ දැක්වේ.
තමන් පහර දුන්නේ සුලූ අවි වලින් පමණක් බවත් එය පැහැදිලිවම පාකිස්ථාන හමුදාවට දේශ සීමාවට ඇතුල් වීම සඳහා කල ප‍්‍රහාරයක් බවත් කාශ්මීරයේ ඉන්දීය හමුදා ප‍්‍රකාශක කර්නල් බි‍්‍රජෙෂ් පාන්ඬේ කියයි.
2003 සිට රටවල් දෙක අතර පවතින දුර්වල සටන් විරාමය නිරතුරුවම වෙැනි සිද්ධි මගින් උල්ලංඝනය කෙරෙයි.
පුද්ගලයන් 160 දෙනෙක් මරණයට පත් කරමින් 300කට තුවාල සිදු කරමින් 2008 සිදුවු මුම්බායි ප‍්‍රහාරය නිසා ඉන්දියාව සාම කතාබහ වර්ජනය කරන ලදී. පසුගිය වසරේ පෙබරවාරියේදී තානාපති සාකච්ඡ නැවත ආරම්භ විය.

No comments:
Post a Comment