ඉරාන නාවික හමුදාව හෝමුස් සමුද‍්‍ර සන්ධියේ අළුත්ම මිසයිල ආරක්ෂණ පද්ධතියක් පරීක්ෂා කරමින් යුධ අභ්‍යාසයක යෙදෙන අතරම සයිබර් යුධ පුහුණුවකද නිරතවෙති. රියර් අද්මිරාල් අමීර් රස්ටෙගාරි උපුටා දක්වමින් ඉරාන් ඬේලි පුවත්පත වාර්තා කර ඇත්තේ විදේශීය සතුරෙකුගේ වෛරස් ප‍්‍රහාරයක් හෝ දත්ත සොරකමක්
වැලැක්වීමේ හැකියාව මෙහිදී පරීක්ෂා කෙරෙන බවයි. ඉරාන හමුදාව මෙහිදි බොරු සයිබර් ආක‍්‍රමණයක් සාර්ථකව මැඩ පැවැත්වූ බවද ඔහු කියා ඇත.
ඉරානයේ න්‍යෂ්ඨීක ක්ෂේත‍්‍ර, තෙල් හා කර්මාන්ත පහසුකම්, සන්නිවේදන ජාලය, සහ බැංකු පද්ධති ආදියට එල්ල වන සයිබර් ආක‍්‍රමණ වැලැක්වීමේ ඒකක පසුගිය වසර කීපයේ ටෙහෙරානය විසින් ගොඩනගා ඇත.
මීට පෙර stunxnet සහ gauss වෛරස මගින් ඉරාන උපකරණ වල තොරතුරු ලබාගෙන න්‍යෂ්ඨීක ක‍්‍රියාකාරකම් වලට බාධා කල බවට ඇමරිකාවට හා ඊශ‍්‍රායලයට චෝදනා එල්ල විය.
මේ දිනවල පැවැත්වෙන යුධ අභ්‍යාසයේදී සබ්මැරීන ආශ‍්‍රිත මිසයිල, ඉරානයේ නිෂ්පාදිත රාදි හෙවත් අකුණ නම් මිසයිල ආරක්ෂණ පද්ධතිය හා දේශීයව නිෂ්පාදිත හුවර්ක‍්‍රාෆ්ට් යානය ආදිය පරීක්ෂාවට ලක් කරන ලදී.
මුහුදෙන් සහ ගුවනින් එල්ල විය හැකි තර්ජන වලට සූදානම් වීමක් ලෙස ඉරානය 1993 සිටම හමුදාව ස්වයංපෝෂිත කරමින් සිටී. මෙම අභ්‍යාසය සිදු වන්නේ ඉරාන න්‍යෂ්ඨීක ක‍්‍රියාකාරකම් නවත්වන ලෙස ඇති බටහිර පීඩනය වැඩි වෙමින් ඇති අතරතුරදීය.

No comments:
Post a Comment