Pages

1/3/13

2013 ඇමරිකාව අසුබ පනතකින් වැඩ අල්ලයි

ඇමරිකානු සෙනෙට් මණ්ඩලය විශාල බදු පැනවීම හා දරුණු වැය කපා හැරීම වලකාලන පනතක් අඟහරුවාදා ජයග‍්‍රාහී ලෙස සම්මත කලහ. 2013 ආරම්භයත් සමඟම පැවති මෙම ඡුන්දයෙන් 89 ට 9 ක් ලෙස එය සම්මත වී තිබේ.
බොහෝ රිපබ්ලිකන් මන්ත‍්‍රීවරු මෙහි ධනවතුන් ගේ බදු වැඩි කිරීම හා වැය කපා හැරීම මදි වීම පිලිබඳව සැක පල කර ඇත.

රොයිටර් වාර්තා කරන්නේ මෙය අනුමත කිරීමට ඩිමොක‍්‍රටික් පක්ෂයෙන්ද සැලකිය යුතු සහයක් අවශ්‍ය යයි පෙනෙන බවයි. මෙම සම්මුතිය නැතත් අළුත් ආර්ථික අවපාතයක ලකුණු පෙන්වමින් 2013 මුලදීම ඩොලර් බිලියන 600ක පමණ අගයක් ඇති බදු වැඩි වීමක් සහ වැය කපා හැරීමක් ස්වයංක‍්‍රීයවම ඇතිවනු ඇත.

උප සභාපති ජෝ බයිඩන් සහ සෙනෙට් සුළුතර නායක මිච් මැක්කොනෙල් විසින් සම්පාදනය කරන මෙම සම්මුතිය යටතේ බුෂ්ගේ ඩොලර් 400000 ට අඩුවෙන් ආදායම් බදු නැති කිරීම දීර්ඝ කරනු ඇති අතර රාජ්‍ය බදු සීමාව ඩොලර් මිලියන 5ක් ලෙස තබා විරැකියාවට දෙන සහන වසරකින් දීර්ඝ කරනු ඇත.

නිවුයෝක් ටයිම් කතුවැකිය  කියා ඇත්තේ මෙම සම්මුතිය පොහොසතුන්ට වාසි දායක බවත් මහජන ආයෝජන වල අවශ්‍යතාවය සපුරාලන්නේ නැති බවත්ය.

මෙහි අවසානය එලඹෙනු ඇත්තේ ඩොලර් ටි‍්‍රලියන 16.4 ක ණය උපරිමය සඳහා ගැනීමට සිදුවන ක‍්‍රියාමාර්ග එලිදැක්වූ පසුවයි.

No comments:

Post a Comment