Pages

1/3/13

ඩොලර් ටි‍්‍රලියන 16.4ට ඇමරිකානු ණය බර නගී

ඇමරිකානු රජය ඩොලර් ටි‍්‍රලියන 16.4 ක ණය සීමාවකට ලංව සිටින අතර ණය පැහැර හැරීම වලක්වාගැනීමට උත්සාහ දරමින් සිටී.

මේ නිසා නව වසරේ වියදම් සහ බදු පිලිබඳව කොංග‍්‍රස් මණ්ඩලය සහ ධවල මන්දිරය අතර මතභේදයක්ද හටගෙන ඇත.
භාණ්ඩාගාර ලේකම් ටිමොති ගීත්නර් කියන්නේ ණය පැහැර හැරීම වැලැක්වීමට ගණකාධිකරණ ක‍්‍රියාමාර්ග රැසක් ගැනීමට රජයට සිදුවන බවයි.

රජයේ විශ‍්‍රාම අරමුදල් දෙකකට අළුතෙන් ණය ලබා දීම සඳුදා අත් හිටවූ අතර දැනට සිටින විශ‍්‍රාමිකයන්ට ඉන් බලපෑමක් නැත.

පසුගිය සතියේ ගීත්නර් කියා සිටියේ මේ ක‍්‍රියාමාර්ග වලින් ඩොලර් බිලියන 200ක් පමණ ඉතිරි වනු ඇති බවයි. එය මාස 2ක ණය ගෙවීම සඳහා ප‍්‍රමාණවත්ය.

දැනට සිදුවන අයවැය විවාදය නිසා මෙවර කෙපමණ කාලයකට ණය හිඟය නවතාගත හැකි වනු ඇද්දැයි අනුමාන කල නොහැකි බව ගීත්නර් කියා සිටියේය.

No comments:

Post a Comment