Pages

1/3/13

එන පොට හොඳ නෑ

යුරෝපා ණය අර්බුදය දරුණු වෙනවා – ජර්මනිය

ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් සඳුදා කියා සිටියේ යුරෝපා කලාපය මුහුණ දී ඇති ණය අර්බුදය දැන්ම අවසන් නොවන බවයි.

ඊලඟ වසරේදී ආර්ථික තත්වය තව දුරටත් අයහපත් වනු ඇතැයි ඇය පවසයි. මෙම කතාවේදී තවදුරටත් කියා ඇත්තේ මෙයින් අධෛර්යමත් නොවී වැඩකලයුතු බවයි.
සෞභාග්‍යය හා එක්සත් බව අතර සමතුලිතාවය ඇතිකිරීම වැදගත් වන්නේ කෙසේ දැයි වසර තුනක ණය අර්බුදය මගින් පෙන්වා දී ඇත.

තමන් ඇති කරගත් ප‍්‍රතිසංස්කරණ ඵල දරන්නට පටන් ගෙන ඇති නමුත් ඉතාම ඉවසිල්ලෙන් සිටිය යුතු බව ඇය කියා සිටී.

මර්කල් ප‍්‍රකාශ කල පරිදි 2008 මුල්‍ය අර්බුදයෙන් ලෝකය ප‍්‍රමාණවත් පාඩමක් ඉගෙනගෙන නැති නිසා අන්තර්ජාතික වශයෙන් මුල්‍ය වෙළඳ පොලවල් නිරීක්ෂණයට වැඩිදුරටත් පියවර ගතයුතුය. පර්යේෂණ වල වැදගත්කම ඇය අවධාරණය කලේ සමෘද්ධිය නිර්මාණය කිරීම සඳහා අන් අයට නොහැකි දේවල් කල යුතුය යනුවෙනි.

අධ්‍යාපනය සහ පර්යේෂණ වල වැඩිපුර ආයේජනය කිරීමෙන් ජර්මනිය ලොව ප‍්‍රධාන නිෂ්පාදකයෙක් කිරීමත් මූල්‍ය පිලිවෙල ඇති කිරීමෙන් ජනවිකාශ වෙනස්වීම් වලට සුදානම් වීමත් කල යුතු බව ඇය අවධාරණය කරයි.

No comments:

Post a Comment