මැලේසියාවේ සෙලන්ගර් රාජ්‍යයේ සුල්තාන් වරයා ‘අල්ලාහ්‘ යන ශුද්ධ වචනය භාවිතා කල හැක්කේ මුස්ලිම්වරුන්ට පමණක් බවට නීතියක් පනවා ඇත. භාෂා භාවිතයේදී ක‍්‍රිස්තියානි වරුද මෙම වචනය භාවිතා නිසා මේ සම්න්ධයෙන් මතභේදයක් හටගෙන ඇත.
සෙලැන්ගර් හි ඉස්ලාමීය කටයුතු මණ්ඩලය අඟහරුවාදා නිවේදනය කලේ සුල්තාන් ටෙරාෆ්දින් ඉඞ්රිස් ෂා විසින් අල්ලා යන වචනය මුස්ලිම් නොවන අය භාවිතා කිරීම තහනම් කල අතර ආගමික නියෝගය කඩ කරන්නන්ට එරෙහිව දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බවයි.
මේ පියවර ගෙන ඇත්තේ බයිබලයේ මැලේ පරිවර්තනයේ අල්ලා යන වචනය භාවිතා කිරීමට ඉඩ දෙන ලෙස පෙනන් හි ප‍්‍රධාන ඇමතිවරයා මධ්‍යම රජයෙන් ඉල්ලා සිටි පසුව බව ද ස්ටාර් ඔන්ලයින් පුවත්පත වාර්තා කරයි.
ඉන්දුනීසියාව සහ මැලේසියාවේ ක‍්‍රිස්තියානිවරු දෙවියන් හැඳින්වීමට අල්ලා යන වචනය භාවිතා කරති. 2007 දී රජය මෙම වචනය මුස්ලිම් සංකල්පයට පමණක් සීමා කිරීමට තීරණය කලේය. ඊට විරුද්ධව උසාවිය තීරණයක් ලබා දුන්නේ නීතිය ව්‍යස්ථානුකූල නොවන බවටයි. රජය අභියාචනයක් ඉදිරිපත් කර නැවත තීන්දුව අත්හිටවන ලදී.
රජය සමඟ සන්ධානයකට එලඹීමට සූදානම් ව සිටින පාකතාන් රක්යට් එකමුතුව කියා ඇත්තේ අල්ලා යනු කුරානයේ දෙවියන් හැඳින්වීමට යොදාගෙන ඇති වචනය බවත් එය අන් අය විසින් වැරදි ලෙස භාවිතා නොකල යුතු බවත්ය. නමුත් එහි සභාපති ඩැටුක් සීරි අබ්දුල් හඞ් අවාන් කියා සිටින්නේ මුස්ලිම් හෝ අන් ආගම් වල අය අල්ලා යන වචනය යහපත් ලෙස භාවිතා කිරීම තහනම් නොකල යුතු බවයි.
11 වන වගන්තිය යටතේ රටේ ෆෙඩරල් ව්‍යවස්ථාවෙන් ලැබී ඇති අයිතිය අනුව මැලේ බයිබලයේ අල්ලා යන වචනය භාවිතා කරන බව ක‍්‍රිස්තියානි පල්ලි මණ්ඩලය කියයි.

No comments:
Post a Comment