රැකියාව පහසු කරන්න බ‍්‍රසීල ගණිකාවන්ට නොමිලේ ඉංගි‍්‍රසි පන්ති
2014 වසරේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වෙන බ‍්‍රසීලය තුල, තරගාවලි කාලසීමාව තුලදී පැමිණෙන විදේශිකයන් වෙනුවෙන් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩකටයුතු රැසක් සිදුවෙමින් පවති.
බ‍්‍රසීලයේ ප‍්‍රධාන නගරවල ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන්හට නොමිලේ ඉංගි‍්‍රසි කතා කිරීම පුහුණු කිරීමේ වැඩමුළු සංවිධානය කිරීම එවන් එක් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ කටයුත්තකි. මෙම වැඩමුළු සදහා මේ වන විටද ඉහළ සහභාගීතවයක් ප‍්‍රකාශ වී තිඛෙන අතර මෙම නොමිලේ පැවැත්වෙන ඉංගි‍්‍රසි වැඩමුළු වලට දායකත්වය ලබා දෙන ගුරුවරුන්ද තම සේවය නොමිලේ ලබා දෙන බව ඛෙලේ හොරිසොන්ටේ නගරයේ ගණිකා සංගමයේ ප‍්‍රකාශිකාවක් පවසයි.
ලෝක කුසලාන තරග නැරඹිම සදහා අප රටට පැමිණෙන විදේශිය ගණුදෙනුකරුවන්ට සැබෑ තෘප්තියක් ලබා දීම සදහා මනා සන්නිවේදනයක් අත්‍යාවශ්‍ය දෙයක්. එනිසයි අපි නොමිලේ ඉංගි‍්‍රසි කතා කිරිමේ පුහුණු සැසි ආරම්භ කලේ.ඉදිරියේදි අපි ප‍්‍රංශ සහ ඉතාලි භාෂා පුහුණු වැඩමුළුද ආරම්භ කිරීමට සූදානම් යනුවෙන් ගණිකා සංගමයේ ප‍්‍රකාශිකාව වැඩි දුරටත් පවසයි.

No comments:
Post a Comment