USS ජැක්සන්විල්ලේ නම් සුවිසල් න්‍යෂ්ඨීක සබ්මැරීනය හෝමුස් ආසන්නයේදී තවත් යාත‍්‍රාවක් සමඟ ගැටීමෙන් එහි පෙරිස්කෝපය කැඞීගොස් ඇත. ඇමරිකානු යාත‍්‍රාවක් කලබලකාරී සහ ආතතියට ලක්ව ඇති තෙල් මර්මස්ථානයේදී ගැටීම වලට ලක්වීමේ අළුත්ම සිද්ධිය ලෙස මෙය දැක්විය හැක.
උදෑසන සංචාරයේ යෙදී සිටින අතරතුර වැදෙන හඬක් ඇසී පෙරිස්කෝපයෙන් බැලූවිට පෙනීගියේ එය තව දුරටත් වැඩ නොකරන බවයි. මසුන් අල්ලන ට්‍රෝලර් යාත‍්‍රාවට සබ්මැරීනය හා ගැටීමෙන් හානියක් නොවුනා පමණක් නොව එය දැනී ඇත්තේද යාන්තමිනි.
ගැටුනු බවක සලකුණක් හෝ නොමැතිව යාත‍්‍රාව එකම වේගයෙන් හා ස්ථාවරව ධාවනය වනු පෙනුණු බව ඇමරිකානු නාවික හමුදා වෙබ් අඩවියේ සඳහන් වෙයි. ජලකාන්දු ස්ථාවරත්වයට හෝ න්‍යෂ්ඨීක ප‍්‍රතික‍්‍රියකයට ගැටුමෙන් හානියක් නොවූ බව අධිකාරීන් අවධාරණය කරයි.
අළුත්වැඩියාව සඳහා යන වියදම තවම අපැහැදිලි නමුත් 1978 නිපදවන ලද තවදුරටත් නිෂ්පාදනය නොවන ලොස් ඇන්ජලීස් පන්තියේ මෙවැනි සබ්මැරීනයක් ඩොලර් බිලියනයක් පමණ වනු ඇත. අළුත්වැඩියාව තක්සේරු කිරීම සඳහා USS ජැක්සන්විල්ලේ දැන් බහරේනයට පැම්ණ ඇත.
ප‍්‍රධාන තෙල් සැපයුම් මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය උතුරෙන් ඉරානය පාලනය කරන අතර දකුණෙන් ඇමරිකානු හිතවතුන් වන ඕමානය හා එක්සත් අරාබි එමීර් විසින් පාලනය කෙරෙයි.
ඉරාන තෙල් අපනයනයට ක‍්‍රමක‍්‍රමයෙන් සම්බාධක පැනවෙත්ම සමුද්‍ර සන්ධිය මුහුදු බෝම්බ අතුරා වසා දමන බවට ඉරානය තර්ජනය කලේය. ඊට ප‍්‍රතිචාර ලෙස වහාම ඇමරිකානු හා මිත‍්‍රපාක්ෂිකයන් ගේ සාන්ද්‍රණය කල විශාල නාවික බලකායක් ප‍්‍රදේශය පුරා දියත් කිරීමෙන් මෙවැනි ගැටුම් සුලභ වී ඇත.

No comments:
Post a Comment