පුටින් බර අඩියක් පෙරට තබයි, ඇමරිකාව කලබල වේ
ඇමෙරිකාව අයථා ක‍්‍රම මගින් රුසියාවේ අභ්‍යන්තර කටයුතුවලටත් එරට දේශපාලනයටත් කරන ඇඟිලි ගැසීම් නැවැත්වීමේ අරමුණින්, රුසියානු පාර්ලිමේන්තුව සම්මත කර ගත් පනත් දෙකකට එරට ජනපති ව්ලැඞ්මීර් පුටින් අස්සන් තැබීම ඇමෙරිකාවේ කනස්සල්ල පළ වී ඇත.
රුසියානු පාර්ලිමේන්තුව සම්මත කර ගත් එම පනත් දෙකේ අරමුණ රුසියානු දරුවන් හදාවඩා ගැනීම ඇමෙරිකානුවන්ට තහනම් කිරීම සහ ඇමෙරිකානු ආධාර ලබමින් රුසියාවේ කි‍්‍රයාත්මක රාජ්‍ය නොවන සංවිධානවලට එරෙහිව තහංචි පැනැවීමය.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙනුවෙන් එහි ප‍්‍රකාශක පැට්ටි‍්‍රක් වෙන්ටේ‍්‍රල් පැවැසුවේ රුසියානු ජනපති පුටින් එම පනත් දෙකට අස්සන් තැබීම ගැන ඇමෙරිකාව සිය කනස්සල්ල පළ කරන බවත් ජනපති පුටින් එම තීරණය ගෙන ඇත්තේ දේශපාලන පෙළඹවීම් මත බවත්ය.

thank you sir ,
ReplyDelete