වෙනිසියුලා ජනපති හියුගෝ චාවේස් මුහුණ දුන් පිලිකා සැත්කමකින් පසු ඇතිවු සංකූලතා නිසා දුර්වල තත්වයක සිටින බව උප ජනාධිපතිවරයා නිවේදනය කර ඇත.
දෙසැම්බර් 11 වනදායින් පසු චාවේස් මහජනයා හමුවේ පෙනී නොසිටි නිසා ඔහුගේ දේශපාලන අනාගතය පිලිබඳ සංවේගයක් මතුවී ඇත.
ඔක්තෝබරයේ හතරවන වරටත් ජනාධිපතිවරයා ලෙස පත්වූ ඔහුගේ වැඩ ආරම්භ කිරීමේ උත්සවය ජනවාරි 10 වන දිනට යෙදී ඇත. අනතුරු දායක සෞඛ්‍ය තත්වය පහව ගොස් නැති බව ප‍්‍රකාශ කර ඇති උප ජනාධිපති නිකලස් මැඩුරෝ සංකීර්ණතා මොනවාදැයි හෙලිකර නැත.
ශ්වසන පද්ධතියේ ආබාධයක් බව ඔහුගේ වැඩිදුර විස්තරයේ සඳහන් වේ. අපහසු තත්වයක සිටින චාවේස් ගේ ශාරීරික හා ආත්මීය ශක්තියට ස්තුති කල යුතුයයි පැවසු උපජනාධිපති වරයා ජාතියේ සෑම පවුලකටම අළුත් අවරුදු පණිවුඩයක් නිකුත් කල බවද ප‍්‍රකාශ කලේය.
මේ මස මුලදී මැඩුරෝ නිවේදනය කලේ චාවේස් සුවය ලබමින් සිටින බවත් ස්ථාවර තත්වයක සිටින බවත්ය. සිදුකල සැත්කමේ සංකීර්ණ බව නිසා ප‍්‍රවේසම් සහගතව කාලය ගත කිරීම මගින් යලි යථා තත්වයට පත් විය හැකි බව අමාත්‍ය අර්නස්ටෝ විලේගාස් ප‍්‍රකාශ කර තිබේ.

No comments:
Post a Comment