Pages

1/1/13

ඉරාන ලතින් ඇමරිකා හාදකමට ඔබාමා එරෙහි වේ

ඇමරිකානු ජනපති බැරක් ඔබාමා ලතින් ඇමරිකාවේ ඉරාන බලපෑම් ඉලක්ක කරමින් සිකුරාදා නීතියක් සම්මත කලේය. දැනටමත් ඇමරිකාව ඉරානය සමඟ සැඟවුන යුද්ධයක යෙදී ඇති නිසා මෙම පියවර ගෙන ඇති බව පර්යේෂක සොරායා සෙපාෆූර් උල්රිච් කියයි.
මෙම පනත මගින් කැනඩාව සහ මෙක්සිකෝව සමඟ ඇති මායිම් වලින් ඉරාන් විප්ලව වාදීන්, රජයේ හමුදා, හිස්බුල්ලා හෝ වෙනත් ත‍්‍රස්තවාදී කණ්ඩායම් ඇමරිකාවට ඇතුල්වීම වැලැක්වීම සඳහා ආරක්ෂාව තර කරන ලෙස ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුවට දැන්වීමක් ද කර ඇත.

ඉස්ලාමීය සමූහාණ්ඩුව විදේශ ප‍්‍රතිපත්ති උපාය මාර්ගයක් ලෙස ලතින් ඇමරිකාව සමඟ සහයෝගීතාවය වැඩි කර ගනිමින් සිටී. මෙම නීතිය එලි දක්වා ඇත්තේ ඉරානයේ න්‍යෂ්ඨීක වැඩසටහන සම්බන්ධව ඇති අර්බුදය වර්ධනය වෙමින් පවතින අතරතුරය.

සෙනසුරාදා ටෙහෙරානය හෝමුස් සමුද්‍ර සන්ධිය අවට පෙදෙසේ සයදින නාවික හමුදා අභ්‍යාසයක් ද ආරම්භ කරන ලදී. වෙලායට් 91 ලෙස නම්කර ඇති මෙහි ප‍්‍රකාශකයෙක් තම අභ්‍යාසය මගින් හෝමුස් සමුද්‍රසන්ධිය අවහිර කරන බවට ඇති බටහිර මාධ්‍ය වාර්තා ප‍්‍රතික්ෂේප කල බව ප්‍රෙස් TV වාර්තා කරයි.

බටහිර මාධ්‍ය විසින් ඉරානයේ හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කෙරෙතැයි යන සැලසුම ගැන විශාල ලෙස අවධානය යොමු කරන නමුත් ඇමරිකාව විසින් ඉරානය වෙත එල්ල කරන හමුදා ආතතිය නොසලකා හරින බව උල්රිච් කියා ඇත.

සැප්තැම්බර් මාසයේදී පර්සියානු බොක්ක පුරා රටවල් 27 ක සහභාගීත්වයෙන් පැවති දැවැන්ත අභ්‍යාසය ගැනද බටහිර මාධ්‍ය නිහඬ බව විශේෂඥයා තර්ක කරයි.

No comments:

Post a Comment