ගාල්ල, තල්පේ මුහුදු තීරයේ දිය නාමින් සිටි එංගලන්ත ජාතික විදේශිකයකු රළ පහරකට හසුවී ගසාගෙන ගොස් දියේ ගිලීමෙන් මියගොස් තිඛෙනවා.
ගාල්ල නාගරික හදිසි මරණ පරීක්‍ෂණ අධිකරණයේදී පැවැති සාක්‍ෂි විභාගයකදී මේ බව අනාවරණය විය. මියගොස් ඇත්තේ චාලස් හෙන්රි නමැත්තෙකි. ඔහු තම බිරිය හා දරුවන් සමඟ මුහුදු තීරයේ දිය නාමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත.
විදේශිකයා එකවරම රළ පහරකට හසුවී ගසාගෙන ගොස් ඇති අතර, කිමිදුම්කරුවන් විසින් මොහු ගොඩගෙන කරාපිටිය රෝහලට රැගෙන යන විටත් මියගොස් තිබුනා.
No comments:
Post a Comment