Pages

12/27/12

Facebook මුදල් අය කිරීමට සැරසේ

සිය ෆේස්බුක් මිතුරු හවුලේ නොමැති අයෙකුට සෘජුවම ෆේස්බුක් පණිවුඩයක් යැවීමේදී යවන්නාගෙන් ඩොලරයක මුදලක් අයකර ගැනීමේ පරීක්ෂණ වැඩසටහනක් ෆේස්බුක් සමාගම විසින් දියත් කර තිබේ.
සමාගමේ ආදායම වැඩිකර ගැනීමේ නව ක්‍රමවේදයක් වන මෙය මූලික මට්ටමින් මේ වනවිට හඳුන්වා දී තිබෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදයේ කුඩා පිරිසක් ඉලක්ක කර ගෙනයි.

මෙහිදී, ෆේස්බුක් භාවිතා කරන්නාට සතියකට උපරිම ලෙස එක ගෙවීමක් සිදු කිරීමට සිදුවන අතර මාසයකට තුන් වරකට වඩා ගෙවීමට සිදු නොවන බව සඳහන්ය.

මේ තුළින් ආදායම වැඩිකර ගන්නා ගමන්ම අනවශ්‍ය පණිවුඩ යැවීම අධෛර්යමත් කිරීමට ඉලක්ක කර තිබෙන බව ෆේස්බුක් පවසා තිබේ. මේ වනවිට, ෆේස්බුක් ගිණුම් හිමියන්ට ජාලය තුළ සිටින ඕනෑම අයෙකුට නොමිලේ පණිවුඩ යැවීමට හැකියාව ඇත.

සමාගම පවසා තිබෙන්නේ මෙම නියමු ව්‍යාපෘතිය යුරෝපය තුළද අනාගතයේදී ක්‍රියාත්මක විය හැකි බවයි.

No comments:

Post a Comment