Pages

12/27/12

ලෝක විනාශ වන්දනා කරුවෝ ගෝතමාලාවේ දේවාලයකුත් කඩති

ලෝක විනාශය සැමරීමට පැමිණි සංචාරකයන් විසින් ගෝතමාලාවේ යුනෙස්කෝ ලෝක උරුමයක් වන පැරණි මායා පූජ්‍යස්ථානයකටද හානි කර ඇත.

දෙසැම්බර් 21 ලෝක විනාශය සිදුවේද නැද්ද යන්න බලා ගැනීම සඳහා 7000කට අධික පිරිසක් මෙහි රැස්වූහ. පැමිණි බොහෝ පිරිසක්
දේවාලය මත නැගීම නිසා මෙම හානිය සිදුවී ඇති බව ඓතිහාසික භූමියේ තාක්ෂණික උපදේශක ඔස්වල්ඩෝ ගෝමස් උපුටා දක්වමින් AFP වාර්තා කර ඇත.

‘‘අපගේ උත්සවය හොඳින් සිදු වුනත් මෙම ලෝක උරුමය තැන සංචාරකයන්ට පරිස්සම් වීමට තිබුණා’’ යයි ඔහු සඳහන් කලේය. සිදුවූ හානිය කුමක්දැයි ඔහු ප‍්‍රකාශ කර නැති නමුත් එය නැවත ප‍්‍රතිසංස්කරණය කල නොහැකි යයි කියා ඇත.

මීටර 38 ක් උස මෙම දේවාලය පැරණි මායා ගොඩනැගිලි වලින් ප‍්‍රසිද්ධ එකකි. ස්වදේශික මායා පූජකවරුන් විසින් සංවිධානය කල වර්ණවත් සම්ප‍්‍රදායික උත්සවයක් නිසා සංචාරකයන් මේ වෙත ආකර්ශනය වූහ.

වසර 5200ක් වන මායා වරුන්ගේ දින දර්ශනය දෙසැම්බර් 21න් අවසන්ව තිබූ අතර ඔවුන්ගේ ලේඛන කියවූ ඇතැම් අය මෙදිනට ලෝකය විනාශ වනු ඇතැයි විශ්වාස කලහ.

මායා වරුන් සිය උත්සවාදිය පැවැත්වීම සඳහා යොදාගත් මෙම පූජ්‍යස්ථානය ශිෂ්ටාචාරයේ සමාජ දේශපාලන ජීවිතයේ කේන්ද‍්‍රය විය.

No comments:

Post a Comment