‘රිසයිකල්’ නම් කලා ප‍්‍රදර්ශනයකදී ෆේස්බුක් සමාජ ජාලය නව ආගමක් ලෙස හඳුන්වා ඇත. 2010 කැන්ඩින්ස්කි ත්‍යාගලාභීන් වන ඇන්ඩි‍්‍ර බ්ලොකින් සහ ජෝර්ජි කැස්නෙට්සොව් දකින පරිදි ෆේස්බුක් යනු එහි අනන්‍ය නීති රීති හා සම්ප‍්‍රදායන් සහිත වෙනම ලෝකයකි.
මෙමගින් පුද්ගලයන්ට සැබෑ ජිවිතය හා අන්තර්ජාල ජිවිතය යනුවෙන් ජිවිත 2ක් ලබා දී ඇත. ඔවුන්ගේ පාරාදීස ජාලය නම් අළුත් ප‍්‍රදර්ශන අංගයේදී සුවිසල් ෆේස්බුක් ලාංඡනයක් වන ‘f’ අකුරක් ගොඩනගා ඇත. එය ක‍්‍රිස්තියානි කුරුසය, යුදෙවු තරුව හා ඉස්ලාම් අඩසඳ සමඟ සමාන්තරව තබා ඇත.
මෙම අවකාශය ද්‍රව්‍යමය හෝ ආත්මීය එකක් නොවුනත් පුද්ගලයෙකු පිලිබඳ දේවල් නොමැකී තබා ගන්නා බව ඔවුන් කියයි. ක‍්‍රැස්නොඩාර් ප‍්‍රදේශයේ වැසියන් වන කුස්නෙට්සොව් සහ බ්ලොකින් ඉවත ලන ද්‍රව්‍ය හා යකඩ යොදාගෙන මෙම නිර්මාණ කර ඇත. මෙහි ඇති තවත් ප‍්‍රධාන නිර්මාණයක් නම් පයිප්ප වලින් කල දිව්‍යලෝක ගේට්ටුවයි.
2013 ජනවාරි 20 වන තෙක් මෙම රිසයිකල් ද්වන්ධ කලා ප‍්‍රදර්ශනය මොස්කවු හි මල්ටිමීඩියා කලා ගාරයේ පැවැත්වෙනු ඇත.

No comments:
Post a Comment