කන්සාස් හි රයිලි බලකොටුවේ දෙවන බි‍්‍රගේඩයේ සෙබළුන් අප‍්‍රිකා රටවල් 35ක විහිදුවීමේ ව්‍යාපෘතියක් සඳහා 2013 මාර්තු මස පුහුණු වීම් අරඹති. අන්තවාදී කණ්ඩායම් වල තර්ජන වැඩිවීම නිසා ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඇමරිකානු භටයන් විදේශවල හමුදාවන් සූදානම් කරීම සඳහා යැවෙයි.
අල්කයිඩාව ඇතුළු ඉස්ලාමීය අන්තවාදීන් ගේ තර්ජන වැඩි වෙමින් ඇති මාලි දේශයට ඉක්මනින්ම සෙබළුන් යැවෙන බව ආරක්ෂක දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.
මෙම සෙබළුන් යැවෙන්නේ හමුදා පුහුණු කිරීම් හා අවි පුහුණුව පිලිබඳව පමණක් බවත් ඔවුන් ඍජු හමුදා මෙහෙයුම් වලට සම්බන්ධ නොවන බවත් ඇසෝසියේටඞ් ප්‍රෙස් වාර්තා කරයි. භටයන් සටන් වල නියැලීමේ අවශ්‍යතාවක් වේ නම් ආරක්ෂක ලේකම් ඒ සඳහා අනුමැතිය දිය යුතුය.
මීට අමතරව ඇසෝසියේටඞ් ප්‍රෙස් වාර්තා කලේ ලිබියාව, සූඩානය, ඇල්ජීරියාව, නයිජීරියාව, ආදී රටවලද අල්කයිඩා සම්බන්ධ කණ්ඩායම් වල නැගීම් වලට සූදානම් වීමට මේ භට කණ්ඩායම් යැවෙන බවයි.
තම හමුදාවන් විදෙස් රටවලට යන්නේ එහි පවතින හමුදා ක‍්‍රමය සංවර්ධනය කිරීමට මිස ඇමරිකානු හමුදා ක‍්‍රමය එහි ස්ථාපනය කිරීමට නොවන බව ඇමරිකානු හමුදා ප‍්‍රධානී ඬේවිඞ් රොඞ්රිගස් කියයි. එන වසරේ අප‍්‍රිකානු හමුදා සමඟ පුහුණු වීම් හා අභ්‍යාස 100 ක් පමණ දැනටමත් සූදානම් බව ආරංචි මාර්ග පවසා ඇත.

No comments:
Post a Comment