Pages

12/27/12

කියුබාව ගෝනුසු විෂෙන් පිළිකාවට බෙහෙතක් හදයි

කියුබානු විද්‍යාඥයන් ගෝනුසු විෂ යොදාගෙන පිළිකාවට එරෙහි ඖෂධයක් නිපදවීමට යන බව නිවේදනය කර ඇත. සැන්ටි ස්පිරිටස් නගරයේ රෝහලක ඉරිදා පැවැත්වූ ‘සේවින් ලයිෆ්’ සම්මේලනයේදී මේ බව අනාවරණය වී ඇත.

එම ඖෂධය විඩාටොක්ස් 30 CH ලෙස හැඳින්වීමට අදහස් කරයි. බටහිර කියුබාවට ආවේණික නිල් ගෝනුස්සන්ගේ (Rhopalurus junceus) විෂෙන් නිපදවන මෙම ඔසුව පියයුරු, අක්මා, මොලය, පුරස්ථග‍්‍රන්ථි හා පෙනහළු පිලිකා සඳහා යොදා ගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරේ.

ජීව ඖෂධ හා රසායනික නිෂ්පාදන පිලිබඳ ව්‍යවසායක සංගමයෙන් නිපදවන මෙමගින් පිලිකා ෙසෙල පැතිරීම වලක්වා යහපත් ජීවන තත්වයක් ඇති කෙරෙනු ඇත. සෑම වසරකම කියුබාවේ පිළිකා නිසා 18000ක් පමණ මිය යන අතර එය රටේ දෙවන මරණකාරකයයි.

අණුක ප‍්‍රතිශක්ති මධ්‍යස්ථානය මගින් සංවර්ධනය කල වෙනත් එන්නත් 4ක් ද කියුබාව ඇතුළු රටවල් 26 ක බෙදා හැරේ. මේවා විකිරණ ප‍්‍රතිකාර වල හානිකර බලපෑම් අඩු කිරීමේ සහ මොලයේ ගෙඩි වලට එරෙහිව සටන් කිරීමට නිපදවූ  එවා ලෙස වර්ග කර ඇත.

No comments:

Post a Comment