බි‍්‍රතාන්‍ය අගමැති කැමරන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ ආරක්ෂක සහයෝගීතාවක් සොයන නිසා ගල්ෆ් කලාපයේ බි‍්‍රතාන්‍ය හා ඇමරිකානු හමුදා වැඩි කිරීම ඉරානය වටකිරීමේ හා නේටෝව ව්‍යාප්ත කිරීමේ උත්සාහයක් විය හැකිය.
ඕමාන රජය සමඟ ටයිෆූන් ප‍්‍රහාරක යානා 12ක් සඳහා ඩොලර් බිලියන 2.5 ක ගණුදෙනුවක් හමාර කිරීමට පැමිණි අවස්ථාවේ මෙම හමුදා දියත් කිරීම ගැන හෙලි වී ඇත. දැනටමත් ප‍්‍රහාරක යානා 72ක් පමණ ඇති සවුදි අරාබිය සමඟ තවත් යානා 60 කට වැඩි ප‍්‍රමාණයක් ගණුදනු කිරීමේ ආරක්ෂක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට අගමැතිවරයා බලාපොරොත්තු වේ.
කෙසේ නමුත් භූ දේශපාලන විශ්ලේෂක පැටි‍්‍රක් හෙනින්ග්ස් රොයිටර් වෙත කියා ඇත්තේ කලාපයට බි‍්‍රතාන්‍යය හා ඇමරිකාවේ පැම්ණිම වැඩි වන්නේ අවසාන වශයෙන් සිරියාව හා ඉරානයට ගුවන් ප‍්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණෙන් විය හැකි බවයි.
බි‍්‍රතාන්‍ය හා ඇමරිකාව කලාපයේ සන්නද්ධ හමුදා පිහිටුවන අතරම අවි වෙළදාමද කරන බවත් කුවේට් හා ඕමානයේ මානව අයිතීන් උල්ලංඝනය කිරීම් ගැන නිහඬව සිටින බවත් ඔහු පවසයි.
කැමරන්ගේ අදහස් පසුගිය සතියේ හමුදා ප‍්‍රධානියෙකු වන ශ‍්‍රීමත් ඬේවිඞ් රිචඞ්ස් ගේ ගල්ෆ් වැනි ගැටුම් කාරී කලාපවල වැඩිපුර ඩ්‍රෝන් යානා යොදා ගැනීමට බි‍්‍රතාන්‍ය අදහස් කරන බවට කල ප‍්‍රකාශය හා සම්බන්ධය.
අගමැතිවරයාගේ මෙම ප‍්‍රකාශය පළවුනේ බි‍්‍රතාන්‍යය ඇෆ්ගනිස්ථානයේ සිටින සෙබළු 4000ක් ආපසු ගෙන්වීමට තිරණය කල පසුය. තලේබාන්වරු සමඟ සාකච්ඡුා අසාර්ථක බවත් ඒ වෙනුවට පාකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය එක්සත් කිරීමේ උත්සාහයක් ඇති බවත් කැමරන් කියා සිටියේය.

No comments:
Post a Comment