Pages

12/27/12

ඩොලර් බිලියන 1.2 ක ඔත්තු යානා දකුණු කොරියාවට ඇමරිකාවෙන්

ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව දකුණු කොරියාවට RQ -4 ග්ලෝබල් හෝක් ඔත්තු යානා 4ක් ඩොලර් බිලියන 1.2 කට විකිණීමට යයි.

මේ ගණුදෙනුව තුල අවශ්‍ය උපකරණ කොටස් පුහුණුව හා තාර්කික සහයද ඇතුලත් වෙයි. දකුණු කොරියාව තුල ඇමරිකානු සෙබළුන් 3000ක් පමණ ඉහල තාක්ෂණයක් අවශ්‍යවන කාර්යයන් හි යෙදී සිටිති.
RQ – 4 ග්ලෝබල් හෝක් සියළු කාලගුණ තත්වයන් හිදී බුද්ධිමය තොරතුරු සෙවීමට ඇමරිකාව හා ජර්මනිය විසින් යොදා ගැනෙයි.

කිලෝමීටර් 20ක් උසක සිට රේඩාර් හා සංවේදක මගින් භූමියේ තොරතුරු ඉන් ලබා ගත හැක. මෙම යානා BLOCK 30 මොඩලයට අයත් අතර BLOCK 40 කාණ්ඩයට වඩා හැකියාවන් ගෙන් අඩුය. ඇමරිකාව මෙය ඉවත් කිරීමේ සූදානමක් ද ඇත්තේ මෙය භාවිතා කිරීමේ වියදමද  අධික බැවිනි.

මේ යානා ඉවත් කිරීමෙන් ඩොලර් බිලියන 2.5 ක් වසර 5කින් ඉතිරි කල හැකියයිද ගණන් බලා ඇත. නමුත් මේවා 2014 වන තෙක් වත් ඇමරිකාවේ

ක‍්‍රියාත්මක වනු ඇත.

No comments:

Post a Comment