Pages

12/27/12

ඇමරිකාව – නඩු විභාගයකින් තොරව රඳවාගැනීමේ නීතිය සම්මතයි

නඩු විභාගයකින් තොරව ඇමරිකානු පුරවැසියන්ව අත්අඩංගුවේ තබා ගැනීම සඳහා වූ සංශෝධනයකට ඇමරිකානු සෙනෙට්‌ සභාව විසින් අනුමැතිය දී ඇත.
ජාතික ආරක්‍ෂක පණතට අදාළ මෙම සංශෝධනය සඳහා සෙනෙට්‌ මන්ත්‍රීවරු 86 ක්‌ ජන්දය පාවිච්චි කළ අතර 13 ක්‌ එරෙහි වී තිබේ. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ කළ සෙනෙට්‌ සභික ලින්සේ ග්‍රේහැම් ඇමරිකාව දැන් යුද්ධයක නිරත වී සිටින බවද ඇමරිකානු රජයට එරෙහි වන්නන් රඳවා ගැනීමට මේ සංශෝධනය යටතේ ඉඩ ලැබෙන බවද කියා සිටියේය.

අල්කයිදා ත්‍රස්‌තයන් සාමාන්‍ය අපරාධකරුවන් නොවන හෙතෙම තවදුරටත් පළ කළේය. මෙම සංශෝධනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය මේ දක්‌වා කිසිදු විරෝධතාවක්‌ දක්‌වා නැත.

No comments:

Post a Comment