ඇමරිකාවට හිම කුණාටු… 6ක් මරුට, රුසියවේ සීතලෙන් 123ක් මරුට
දකුණු ඇමෙරිකාවේ ප‍්‍රදේශ රැසකට බලපා ඇති හිම කුණාටු තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 6 ක් වාර්තා වී තිබේ. මිසසිපි සහ ඇලබාමා ප‍්‍රාන්තවල විදුලිබලය සම්පූර්ණ බිඳ වැටී ඇති අතර ගුවන් මෙහෙයුම් කටයුතු ද අඩාල වී ඇති බව සඳහන්ය.
ඉදිරි පැය 24 තුළ හිමපතනය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂිතය. ෆ්ලොරිඩා සහ තවත් ප‍්‍රාන්ත කිහිපයකට ඉදිරියේදී මෙම හිම කුණාටු තත්ත්වය බලපානු ඇතැයි විදෙස් වාර්තාවල සඳහන්ය.
මේ අතර රුසියාවට බලපා ඇති දරුණු ශීත කාලගුණය හේතුවෙන් පසුගිය දින දහයේදී පමණක් ජීවිත 123 ක් අහිමිව තිබේ.
මොස්කව් අවට ප්‍රදේශයේ පමණක් උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 30 දක්වාද නැඟෙනහිර සයිබිරියාවේ ඍණ 60 දක්වාද පහළ බැස ඇත.
මේ ශීත ඍතුවේ ආරම්භයේ පටන් මේ දක්වා 123 දෙනකු මියගොස් ඇත්තේ අධි ශීතය නිසා ඇතිවන තුවාල හේතුකොටගෙනය.

No comments:
Post a Comment