රුසියානු නියෝජ්‍ය විදේශ ඇමති ඇනටෝලි ඇන්ටනෝව් වාර්තා කරුවන්ට කියා ඇත්තේ තමන් සිරියාවට ආක‍්‍රමණික අවි නොසපයන බවයි.
විශේෂ කාර්ය ඒකක හෙවත් ගුවන් ආරක්ෂක පද්ධති සිරියාවට යවා ඇතැයි යන වාර්තාව ඔහු ප‍්‍රතික්ෂේප කලේ එම වාර්තාව කොහෙන් පැමිණියා දැයි තමන් නොදන්නා බව කියමිනි. රුසියානු නාවික හමුදා විවිධ ප‍්‍රදේශවල මෙහෙයුම් වල යෙදුනත් සිරියාවට නිලධාරීන් යවා නැති බවද ඇන්ටනෝව් කියා සිටියේය.
සිරියාවට අස්ථාවර කිරීමට යොදාගන්නා අවි නොයවන බව ජනාධිපති පරිපාලන ප‍්‍රධානී සර්ජි ඉවැනොව් ද නොවැම්බරයේ ප‍්‍රකාශ කර තිබුණි.
මේ අතර විදේශ අමාත්‍යාංශ ප‍්‍රකාශක ඇලෙක්සැන්ඩර් ලූකාෂෙවිච් සඳුදා ප‍්‍රකාශ කලේ අවශ්‍ය වුවහොත් සිරියාවේ වෙසෙන රුසියානුවන් ඉවත් කර ගැනීමට සූදානම් බවයි.
රටක හදිසි තත්වයක් ඇති වූ විට මෙසේ ඉවත් කර ගැනීම සාමාන්‍ය දෙයක් බවද ඔහු කියා සිටියේය.

No comments:
Post a Comment