Pages

12/16/12

ඔබාමාගේ ඩ්‍රෝන ප‍්‍රහාර පිටුපස ඇති රහස

ඇමරිකාවේ හා විදේශ වල පුද්ගලයන් මරා දැමීමට මිනිසුන් රහිත යානා යොදා ගැනීම පිලිබඳ සාකච්ඡ කිරීමට බ‍්‍රහස්පත්න්දා වොෂිංටනයේදී ඇමරිකානු කොංග‍්‍රස් මණ්ඩල සාමාජිකයන් රැස්වූහ.
මේ රැස්වීමේදී සිවිල් වැසියන් සිය ගණනක්ද ඝාතනයට ලක්වූ ත‍්‍රස්තවාදයට එරෙහි සටන සඳහා මෙම යානා යොදා ගන්නේ කෙසේද යන්න පිලිබඳව ජනපති ඔබාමා ගෙන් විනිවිද භාවය ඉල්ලා සිටිටමට තීරණය විය.

මරණ සංඛ්‍යාව වැඩි වුවත් මෙම ඩෝන් වැඩසටහන් පිලිබඳව ඔබාමා පරිපාලනය තොරතුරු සඟවා ගෙන සිටින බව එහිදී ඉස්මතු විය. නිව්යෝර්ක් කොංග‍්‍රස් නියෝජිත ජෙරල්ඞ් නැඞ්ලර් කියා සිටියේ ඩ්‍රෝන් ප‍්‍රහාර පිලිබඳ කමිටුව සාකච්ඡ කල පලමු අවස්ථාව මෙය බවයි. තම ඉල්ලීමට ලැබුණු ප‍්‍රතිචාර මදි නිසා තවදුරටත් බලා සිටින බව ඔහු කියා ඇත.

මෙම විවාදය අවසන් වීමෙන් පසු කොංග‍්‍රස් නියෝජිත කුසිනිච් තම කාර්යාලයෙන් ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ සිය විදේශ ප‍්‍රතිපත්ති කොංග‍්‍රස් විවරණයකින් තොරව ඉදිරියට නොයනු ඇති බව මණ්ඩලය පෙන්වා දුන් බවයි. පෙබරවාරි මස ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තු නීතීඥ ජේ ජොන්සන් ඩ්‍රෝන් ප‍්‍රහාර ආරක්ෂා කලේ වලංගු හමුදා අරමුණක් සඳහා හොඳින් පිහිටුවන ලද නීතිමය මූලධර්ම යටතේ මෙය යොදා ගැනීම ඝාතනයක් නිර්මාණය නොකරන බව කියමිනි.

ඉන් මසකට පසු ඇටෝර්නි ජනරාල් එරික් හෝල්ඩර් ද මෙම නීත්‍යානුකූල නොවන ඝාතන සාධාරණීකරණය කලේ තර්ජනයක් විය හැකි කණ්ඩායම් වලට එරෙහිව යොදා ගන්නා නිසා මෙය ඝාතන හෝ අපරාධ නීති වලට අනුකූල වන බවටයි.

වර්ජිනියා නියෝජිත බොබ් ස්කොට් වොෂිංටනයේදී මෙම වැඩසටහන් වල විනිවිද භාවය අඩුවීම පිලිබඳව චෝදනා කර ඇත. ටෙක්සාස් නියෝජිත ටෙඞ් ජෝ කියා තිබුනේ ප‍්‍රශ්නය ඇත්තේ ඩ්‍රෝන් ප‍්‍රහාර භාවිතා කරන්නේ කවදා කොහේදී යන්නේ නොව ඒවා භාවිතා කිිරීම ඇති අධිකාරීත්වය ගැන බවයි.

No comments:

Post a Comment