මොස්කවු හි මාධ්‍ය හමුවකදී රුසියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ඇලෙක්සැන්ඩර් ලූකාෂෙවිච් කියා සිටියේ සිරියාවේ අර්බුදය ගැන තමන්ගේ ස්ථාවරය වෙනස් වී නැති අතර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කරුණු වැරදි ලෙස තේරුම් ගෙන ඇති බවය’’
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා වික්ටෝර්යා නිවුලන්ඩ් රුසියාව අවසානයේ නින්දෙන් ඇහැරී ඇති බව කියා තිබේ’
සිරියාවේ ප්‍රජාගන්ත්‍රවාදය ඇති කිරීමට උත්සාහ දරන සිරියානු විපක්ෂය සමඟ කටයුතු කරන අන්තර්ජාතික ප්‍රජාව සමඟ රුසියාව එක්වනු ඇත්ද යන්න දැන් ඇති ප්‍රශ්නය බව ඇය කියා ඇත’ ලූකාෂෙවිච් ප්‍රකාශ කලේ තමන් කිසිදා නිදා නොසිටි අතර සිරියානු අර්බුදයට ඇති විසඳුම දෙශපාලන එකක් විය යුතුයයි යන මතය වෙනස් වී නැති බවයි’
ඇමරිකාවෙන් මෙම ප්‍රකාශය නිකුත් වුනේ රුසියානු නියෝජ්‍ය විදේශ ඇමති මිකායිල් බොග්ඩනෝව් බ්‍රහස්පතින්දා සිරියානු විපක්ෂය ජයග්‍රහණය කිරීමට ඉඩ ඇතැයි ප්‍රකාශ කිරීමෙන් පසුවය’ එසේ වුවත් රුසියාව සිරියාවේ අර්බුදය සාමකාමීව විසඳීමට දිගටම කටයුතු කරන බවත් ඔහු නැවත නැවතත් කියා ඇත’ ලූකාෂෙවිච් පවසන්නේ දේශපාලන විසඳුමකට වඩා විකල්පයක් නැති බව බොග්ඩනෝව් පැහැදිලිව කියා ඇති බවයි’
මහජන මණ්ඩල රැස්වීමක් අමතමින් බොග්ඩනෝව් කර ඇති කතාවේ කොටසක් පමණක් සිරියානු විපක්ෂය වැරදි අර්ථයක් දෙන ලෙස උපුටා දක්වතැයි ද ලූකාෂෙවිච් කියා ඇත’ ජුනි 30 වනදා ජිනීවා හිදී අනුමත වූ ආකාරයට දේශපාලන විකල්පයක් මගින් අර්බුදය විසඳිිය යුතු බවද මෙහිදී ඔහු අවධාරණය කලේය’

No comments:
Post a Comment