උතුරු කොරියානු නායක කිම් ජොං උන් ටයිම් සඟරාවෙහි වසරේ මිනිසා ලෙස පාඨකයන්ගේ ඡන්දයකින් තේරී ඇත්තේ ඔලිම්පික් පදක්කම් ලාභීන් සහ අයිතිවාසිකම් ක‍්‍රියාකාරීන් අභිබවා ඡන්ද මිලියන 5.6 ක් ලබා ගනිමිනි.
times අවධාරණය කරන්නේ ඡන්ද ප‍්‍රතිඵල නිල නොලත් එකක් වන අතර දෙසැම්බර් 19 එසපැ සඟරා සංස්කාරකවරු විසින් නියම පුද්ගලයා ප‍්‍රකාශ කරනු ඇති බවයි.
ඡන්ද විමසීම කලේ තම අපේක්ෂකයන් ඇත්තටම සිටින තැන දැනගැනීමට බව ඔවුන් කියයි. තමන් තෝරාගනු ලබන්නේ ඡන්දයේ ප‍්‍රතිඵල වලින් නොවේ යයි විධායක ස්ංස්කාරක රාධිකා ජෝන්ස් කියා ඇත. 4 chan වැනි අන්තර්ජාල ෆෝරම් මගින් දියත් කල ප‍්‍රචාරණය නිසා උතුරු කොරියානු නායකයාට ඡන්ද ලැබී ඇතැයි ඔවුන් පවසයි.
ගැන්ග්නම් නර්තන ගීතය ඉදිරිපත් කල ප්සායි ගේ සිට බුරුම නායිකා සු කී දක්වා වූ වසරේ පුළුල් ක්ෂේත‍්‍රයක පිරිසක් මෙම වසරේ පුද්ගලයා ඡන්දය වෙනුවෙන් නම් කර ඇත. ඊජිප්තු ජනපති මොහොමඞ් මෝර්සි අඩුවෙන්ම ඡන්ද ලබාගෙන ඇති අතර ඔහු ලැයිස්තුවේ සිටීම පිලිබඳව ද දැඩි විවේචන එල්ල වී ඇත.
කිම් ජොං උන් ට මෙසේ සම්මාන ලැබුණු පලමු අවස්ථාව මෙය නොවේ.
නොවැම්බරයේ Onion ප‍්‍රකාශනය මගින් සිදුකල උපහාසාත්මක ඡන්ද විමසීමකදී කඩවසම් උතුරු කොරියානු නායකයා 2012 වසරේ අනුරාගීම මිනිසා ලෙස නම් කර ඇත. උතුරු කොරියාව මේ වසරේ ප‍්‍රධාන මාතෘකා අතර ගැවසුනේ විවාදාත්මක රොකට් දියත් කිරීම් නිසාය.
නිරීක්ෂණ චන්ද‍්‍රිකාවක් කක්ෂගත කිරීමට බදාදා ප්යොන්ගැන්ග් හිදී නිකුත් කල රොකට්ටුව නිසා ඇමරිකාව අළුත් සම්බාධක රැසක් පැනවීමට ද සාකච්ඡුා කර ඇත. මෙම මෙහෙයුමේ සාර්ථකත්වය සැමරීමට උතුරු කොරියානු රජය විසින් බ‍්‍රහස්පතින්දා රැලියක්ද සංවිධානය කර තිබණි.
එහිදී ජනතාව අමතමින් රාජ්‍ය විද්‍යා ඇකඩමියේ සභාපති ජැන්ග් චෝල් කියා සිටියයේ මේ සියල්ල සාර්ථක වූයේ කිම් ජොං උන් ගේ අසමාන කැපවීම, නිර්භීතකම සහ නුවණ නිසා බවයි.

No comments:
Post a Comment