Pages

12/28/12

ජේසු තුමන් උපන් ස්ථානයත් වැරදිලා

ජෙරුසෙලමේ බටහිර ඉවුරේ පිහිටි බෙත්ලෙහෙම ක‍්‍රිස්තියානිය උපත ලද ස්ථානය සේ සැලකේ. ඊශ‍්‍රායෙල් පුරාවිද්‍යාඥයකු වන අවිරාම් ඔස්රි කියන්නේ ජේසු උපත සමරන්නේ වැරදි තැනකදී බවයි.
ජේසු තුමාගේ ගම වන නසාරෙත් සිට කිලෝමීටර් 7ක් දුරින් ඇති ගේයිලි හි බෙත්ලෙහෙම ජේසු උපත සිදු වූ ස්ථානය බව ඔහු කියයි. සියවස් ගණනක් තිස්සේ සලකාගෙන ඇත්තේ වැරදි ස්ථානයකි.

පලමු සියවසේදී යුදෙවුවන් වාසය කලේ ගෙයිලි බෙත්ලෙහෙමේ බවත් අනෙකෙහි ඒ වන විට මිනිස් වාසයක් නොතිබූ බවත් ටයිම්ස් පුවත්පතට ප‍්‍රකාශ කර ඇත. මරිය තුමිය ජේසු තුමාට උපත දෙන විට යුදෙවු පිරිසිදු කිරීමේ චාරිත‍්‍ර ගෙයිලි හා පැවැත්වුණු බවට සාක්ෂි සොයාගෙන ඇතැයි ඔහු ප‍්‍රකාශ කරයි.

නසාරෙත් සිට කිලෝමීටර් 150ක් දුරින් පිහිටි අද බෙත්ලෙහෙමට වඩා කිලෝ මීටර් 7ක් දුරින් පිහිටි බෙත්ලෙහෙමට දරුවෙක් ලැබීමට සිටි මරියතුමිය ගිය බව විශ්වාස කල හැකියයිද ඔහුගේ මතයයි.

එසේම අද බෙත්ලෙහෙම එකල ජනාවාස වී නොතිබුණු බවටද සාක්ෂි ඇත.

No comments:

Post a Comment