Pages

12/28/12

ඇමරිකානු ඔත්තු යානා චීනය වට කරයි

වසර 2017 වන විට ඇමරිකාවේ ප‍්‍රධානතම තරඟකරු වන චීනය ත්‍ 22, ඊ 2 මෙන්ම ත්‍35 ද ඇතුළු ඔත්තු යානා විසින් වට කෙරෙනු ඇතැයි පෙන්ටගනයේ ප‍්‍රධාන පෙලේ ආරංචි මාර්ග පවසයි.
වියර්ඞ් හි වාර්තාකරු ඬේවිඞ් ඇක්ස් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ කල සාකච්ඡුා පිලිබඳ වාර්තාවක දක්වා ඇත්තේ ඔබාමාගේ ආසියානු කලාපයේ ‘උපායමාර්ගික විවර්තනය’ සැලසුම තවමත් අත්හැර දමා නැති බවයි.

ජුනි මාසයේදී පෙන්ටගනය සිය යුධ නැවු වලින් 60% ක් 2020 වන විට ආසියා පැසිෆික් කලාපයේ පිහිටන පරිදි හමුදා ප‍්‍රතිසංවිධානයක් සැලසුම් කරන ලදී. ආරක්ෂක ලේකම් ලියොන් පනෙටා කියා සිටියේ මෙය චීනයට අභියෝග කිරීමේ සැලැස්මක් නොවන බවයි. තම අදහස වන්නේ නව සම්බන්ධතා ගොඩනැගීම තුලින් අන් රටවල් සමඟ පුහුණුවීම සහ අභ්‍යාස සිදු කිරීම සහ ඔවුන්ගේ හැකියාවන් දියුණු කර ආරක්ෂාව සලසා ගැනීමේ හැකියාව ඇති කිරීම බවයි.

මෙම සැලසුම පිලිබඳ සාකච්ඡවේදී සෙනෙට් සභික ජෝ ලිබර්මන් කියා සිටියේ චීනය හා ඇමරිකාව ආර්ථික වශයෙන් බැඳී ඇති නිසා තවත් සීතල යුද්ධයක් ඇති නොවන බවයි. කලාපය තුල ඇමරිකානු නියැලීම වැඩි වීමෙන් චීනයේ ආරක්ෂාව හා සංවර්ධනය උසස් වන බවද පනෙටා කියා සිටියේය.

No comments:

Post a Comment