Pages

12/28/12

තරුවලට යයිද? බිම වැටෙයිද?

රුසියාවේ අළුත්ම අභ්‍යවකාශ යානය සූදානම්

ප‍්‍රධාන පෙලේ ඉදිකිරිම් කරුවෙකු අළුත් අභ්‍යවකාශ යානයක ආකෘතියක් නිම කල බව නිවේදනය කිරීමත් සමඟ රුසියාවේ නැවතී තිබූ අභ්‍යවකාශ යානා නිපදවීමේ උත්සාහය වේගවත් වී ඇත.

රුසියාවේ ප‍්‍රධාන අභ්‍යවකාශ යානා නිෂ්පාදන ආයතනයක් වූ RSC ENERGIA ප‍්‍රධානී විටැලි ලොපොටා කියා සිටියේ මෙම නව අභ්‍යවකාශ යානය අන්තර්ජාතික අභ්‍යවකාශ  නැවතුමට පමණක් නොව සඳටද යාමේ හැකියාවකින් යුක්ත බවයි.

2009 දී නිපදවීම ඇරඹුනු මෙම ‘අනාගත මිනිසුන් සහිත ප‍්‍රවාහන පද්ධතිය’ (PPTS) නම් යානය මුලින් 2015 දී පරීක්ෂණ දියත් කිරීමකට සැලසුම් කලත් පසුව 2018 දක්වා කල් ගියේය.

දැන් එය ඉදිරියට ගෙන ඒමට ලොපොටා සමත් වී ඇත. අන්තර්ජාතික අභ්‍යවකාශ  නැවතුමට ගගණගාමීන් යැවීමට දැනට රුසියාව භාවිතා කරන්නේ 1967 පලමු වරට යොදා ගත් ආකාරයේ ‘සොයුස්’ යානයකි. නමුත් නව යානය හඳට මෙන්ම අඟහරුටද ගමන් කල හැකි එකක් වනු ඇත. නමුත් මෙය සැදෙනු ඇද්දැයි සැකයක් ද පවතී.

1970 සිට මෙවැනි යානා බොහොමයක් නිපදවුනු නමුත් ඒවා සාර්ථක නොවුණි. දැනට මේ සඳහා ඩොලර් මිලියන 25ක් වියදම් කර ඇති අතර මුලු වියදම බිලියන ගණනක් වනු ඇත.

නාසා මගින් දියත් කර ඇති මෙවැනිම මිනිසුන් ගෙනයන අභ්‍යවකාශ යානයක් වන ඔරායන් ව්‍යාපෘතිය සඳහා දැනට ඩොලර් මිලියන 5 ක මුදලක් ලැබී ඇති අතර එය සම්පූර්ණ වන විට ඩොලර් මිලියන 40ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නමුත් රුසියාවේ වෙන් කර ඇති මුදල වසරකට ඩොලර් බිලියන 4 ක් පමණි. මේ අතර චීන රජයද නව පරපුරේ අභ්‍යවකාශ යානයක් සෑදීමේ නිරතව ඇත.

ඇමරිකාවේ දශකයකට වඩා කාලයක් පැවතෙන ස්පේස් එක්ස් ආයතනයද මිනිසුන් රහිත යානා අන්තර්ජාතික අභ්‍යවකාශ  නැවතුමට යවන අතර එහි මිනිසුන් ගෙන යාමේ හැකියාවද සලකා බැලේ.

No comments:

Post a Comment