Pages

12/28/12

දුෂණයට ලක්වු දැරිය සියදිවි නසා ගනියි

පුද්ගලයින් කිහිප දෙනෙකු අතින් දූෂණයකට ලක්වූ බව කියන ඉන්දියානු දැරියක් සියදිවි හානි කරගෙන තිබේ.

ඉන්දියාවේ පන්ජාබ් ප‍්‍රදේශයේ 17 හැවිරිදි දැරියක මෙලෙස සිය දිවි හානිකර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පසුගිය නොවැම්බර් මස 13 වැනි දා උත්සවයක් අතරතුර දී තමාට මෙම සිද්ධියට මුහුණ දීමට සිදු වූ බව ඇය සියදිවි හානි කරගැනීමට පෙර තබන ලද සටහනක දැක්වෙන බව එරට පොලීසිය පවසයි.

ඒ අනුව පොලීසිය සිදුකළ විමර්ශනවල දී ඊට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර පසුගියදා දිල්ලි නගරයේ බස් රථයක් තුළදී දූෂණයට ලක් වූ 23 හැවිරිදි තරුණිය මේවන විට සිංගප්පූරුවේ රෝහලක ප‍්‍රතිකාර ලබයි.

No comments:

Post a Comment