Pages

12/28/12

විශ්වයේ යෝධයෝ..; සූර්යයා මෙන් බිලියන 40 ක් බර කළුකුහර

විශ්වයේ යෝධයෝ..; සූර්යයා මෙන් බිලියන 40 ක් බර කළුකුහර

සූර්යයා මෙන් බිලියන 10-40 අතර ස්කන්ධයක් ඇති යෝධ කළුකුහර පවතින බව නාසා හි නවතම පර්යේෂණයකින් හෙලිවී ඇත. මේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 1.3 ක් පමණ දුරින් වූ මන්දාකිණි වල පිහිටා ඇත.
ස්ටැන්ෆර්ඞ් සරසවියේ ජූලි ලවාසෙක් ලැරොන්ඩෝ ඇතුළු කණ්ඩායම විසින් කල පර්යේෂණයකදී සොයා ගත් මන්දාකිණි 18න් 10 කට මෙවැනි විශාල කළු කුහර ඇත. අපගේ සූර්යග‍්‍රහ මණ්ඩලය ඇතුලත් ක්ෂීර පථය මධ්‍යයේ ඇති විශාලම කළු කුහරය සූර්ය ස්කන්ධ බිලියන 6.4ක් පමණ වන්නකි.

මෙම කළුකුහර සොයා ගැනීමට නාසා හි චන්ද්‍රා එක්ස් කිරණ නිරීක්ෂකය, ජාතික විද්‍යා පදනමේ කාර්ලි ඨග ජැන්ස්කි නිරීක්ෂණාගාරය සහ  ඕසටේ‍්‍රලියාවේ ටෙලස්කෝප් කම්පැක්ට් ඇරේ සහයෝගීතාවය මගින් කටයුතු කර ඇත. මෙම කළු කුහර වායුන්,

දුහුවිල් සහ අවට ඇති තාරකා ගිල දමන විට නිකුත්වන රේඩියෝ තරංග සහ එක්ස් කිරණ යොදාගෙන ලැරොන්ඩෝ ඇතුළු පිරිස මේවායේ ප‍්‍රමාණ තක්සේරු කර ඇත.

මෙම ප‍්‍රතිඵල තහවුරු කර ගැනීමට වැඩිදුර පර්යේෂණ අවශ්‍ය වේ. මේවායේ ස්කන්ධය මීටත් වඩා විශාල වුවහොත් තමන් පුදුම නොවන බව පර්යේෂකයෝ පවසති.

No comments:

Post a Comment