Pages

12/28/12

කම්කරුවෝ එක්ව වතු පාලකයා සහ බිරිඳ ගිනිතබා මරති

ඊසාන දිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ තේ වතු කම්කරුවන් පිරිසක් වතු පාලක බංගලාව ගිනි තබා පාලකයා සහ ඔහුගේ බිරිඳ ගින්නෙන් දවා මරා දමා ඇත.

නිවාස පහසුකම් පිලිබඳව දෙසතියක් තිස්සේ පැවැති ආරාවුලකින් කෝපයට පත් හත් සියයක් පමණ කම්කරුවන් බදාදා රාත්‍රියේ බංගලාව වටලා ඊට ගිනි ලෑ බව වාර්තා වලින් කියවෙයි.
ම්රිදුල් කුමාර් භට්ටාචාර්ය හා ඔහුගේ බිරිඳ රීටා ගේ දැවී ගිය සිරුරු පසුව හමු වී ඇත්තේ සුන් බුන් අතර තිබියදීය.

කුනාපතාර් හි සිදුවූ එම ප්‍රහාරයෙන් පසු පොලිසිය කම්කරුවන් තිදෙනකු අත් අඩංගුවට ගෙන තිබේ.

No comments:

Post a Comment